6

282 84 7
                                    

-"නීති උපාධිය කරන එක අතෑරලා ඔයා කැමති වෙන දෙයක් තෝරගන්න."

ජිමින් ඔළුව ඉස්සුවෙ විශ්වාස කරන්න බැරි තරමෙ පුදුමයෙන්.

-"ඇත්තටමද තාත්තා?"

-"ම්ම්"

තාත්තා යුන්ගිගෙ කොණ්ඩෙ අවුල් කළේ හිනා වෙන ගමන්.

-"මං දන්නවා ඔයා කැමති මියුසික්වලට කියල. ඔයා තෝරගන්නව නම් මං උදව් කරන්නම්. හැබැයි පොරොන්දු වෙන්න මියුසික් නිසාවත් වෙන කිසිම දෙයක් නිසාවත් ඔයාට ආදරය කරන අයව මගහැරෙන්න දෙන්නෙ නෑ කියල."

-"පොරොන්දු වෙනවා තාත්තා."

ආයෙමත් වතාවක් උණුසුම් වැළඳ ගැනීමක්.

-"මං දන්නවා එල්සා එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඔයා අකමැති විත්තිය."

තාත්තගෙ ඊළඟ මාතෘකාව යුන්ගිට ඉවෙන් වගේ තේරුණා.

-"ඉතින්...? ඔයා කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවද?"

යුන්ගිගෙ උගුර හිර වුණා. මොනවා කියන්නද කියල හිතාගන්න බැරුව හිටිය යුන්ගිට තමන්ව රත් වෙන විදිය දැනුණා.

-"දැන් කියන්න බෑ වගේ නම් වෙන වෙලාවක කියන්න මට. ඒ වුනාට එයාට කියන්න පරක්කු කරන්න එපා. නැත්තං සමහරවිට වෙන කෙනෙක් ඉස්සර වෙයි."

ආදර සම්බන්ධයක් ගැන පළවෙනි වතාවට ගෙදරට කියද්දි දැනෙන හැඟීම් මොන වගේද කියල අත්දැකීමෙන් ම දැනගෙන හිටිය මින් මහත්මයා කිව්වෙ මද සිනහවක් එක්ක.

යුන්ගිට ඒ වචන ටික තදින්ම දැනුණා.

-"...එයාට කියන්න පරක්කු කරන්න එපා. නැත්තං සමහරවිට වෙන කෙනෙක් ඉස්සර වෙයි."

ජිමින්?

යුන්ගි ජිමින්ට ආදරය කරනවද?

ආයෙත් වතාවක් එකම ප්‍රශ්නෙ!

ඇස් ඇරගෙන හිටියත්, ඇස් පියාගෙන හිටියත් මැවිලා පේන ජිමින්!

නින්දටවත් ළඟට එන්න නොදී ඇස් අස්සට වෙලා වද දෙන ජිමින්!

අහසෙ තරු අස්සෙත් මැවිලා පේන ජිමින්!

ආදරේ කියන වචනෙ ඇහුණත් මතක් වෙන ජිමින්!

සමහරවිට යුන්ගි ජිමින්ට ආදරේ කරනවා ඇති, එහෙම නැත්තං ඒක නිකන්ම නිකන් ආකර්‍ෂණයක් විතරක් වෙන්න ඇති.

ඒ වුණත් මොකක් හරි හේතුවකට යුන්ගි ජිමින්ට ආදරය කරන බව මේ වෙද්දි යුන්ගිගෙ හිත තීරණය කරලා ඉවරයි. කලින් වතාවෙ ජිමින්ව මගහැරිය එක ගැන යුන්ගිගෙ හිත පසුතැවෙන්න පටන් අරගෙන.

ඒත් තාත්තා කිව්වා වගේ පරක්කු නොවී ඉස්සර වුණොත්!

සමහරවිට තාමත් ජිමින්ගෙ හිතේ යුන්ගිට ඉඩක් ඇති.

-"තාත්තා..."

-"ම්ම්...?"

-"මං... මං ආදරේ කරන්නෙ කොල්ලෙක්ට."

සැනයකින් මිදුල පුරා දුවමින් උන් තාත්තගෙ ඇස් යුන්ගිගෙ ඇස් ළඟ නැවතුණා. මුලින්ම පුදුමයකුත්, ඉන්පස්සෙ වේදනාවක් සහ අනුකම්පාවකුත් පිළිවෙලින් ඒ ඇස්වල ඇඳුණා.

-"ගේ ද?"

-"මං හිතන්නෙ බයිසෙක්‍ෂුවල්."

-"හ්ම්ම්. ඔයා දන්නවා යුන්ගි, මං මොන දේ හිතුවත්, සමාජෙ මිනිස්සු හිතන්නෙ වෙනස් විදියට. එයාලට ඔයාලගෙ සම්බන්ධෙ පිළිගන්න අමාරු වෙයි. ඔයාලට හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ද වෙයි."

-"මට ඕනි තාත්තගෙ අවසරයක් විතරයි."

-"ඔයාලට ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් කියල හිතෙනව නම් මගෙ අකමැත්තක් නෑ."

දවසේ තුන් වෙනි වතාවටත් යුන්ගි තමන්ගෙ තාත්තව වැළඳ ගත්තෙ උතුරා යන ස්නේහයෙන්.

28-05-2022

GeeSh_ ☔

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now