Chapter 01

154 31 9
                                    

Hoseok's pov

උදේ පාන්දර ම ආව බඩගින්න නිසා මං නැගිට්ට ගමන් ම පඩිපෙළත් බැහැගෙන ආවෙ හ්‍යුන්ග්ගෙන් කන්න මොනා හරි ඉල්ල ගන්නවා කියලා හිතාගෙන වුණත්, නැගිට්ට ගමන් කන්න ඉල්ලන්න ගිහින් මට හොද දෙකක් අහගන්නත් පුලුවන් කියලා මං දැනගෙන හිටියා.

"ඕහ්.. ගුඩ් මෝර්නින් හොබී. අද මොකද කලින් ඇහැරලා?"

"ගුඩ් මෝර්නින් හ්‍යුන්ග්.., මං ඒ තරම් ම කලින් නැගිට්ටෙ කොහෙද. ඕනෙ නම් විනාඩි පහක් විතර කලින් වෙන්න ඇති."

මං යද්දිත් හ්‍යුන්ග් ගොඩක් හදිස්සියෙන් වගේ කිචන් එක අස් කරන ගමන් හිටිය නිසා එයාට අද වැඩට යන්න ටිකක් පරක්කු වෙලා වගේ කියලා මට හිතුණත් මං ඒ ගැන එයාගෙන් අහන්න ගියෙ නෑ.

"ඉතින් අපේ වර්ල්ඩ් වයිඩ් චෙෆ් මොනවද උදේට කන්න හදලා තියෙන්නෙ කියලා මට දැනගන්න පුලුවන්ද?"

මං අතත් මයික් එකක් වගේ හදාගෙන හ්‍යුන්ග්ගෙ පැත්තට දික් කරන ගමන් අහද්දි හ්‍යුන්ග් අතේ තිබුණ සර්වියට් එකත් පැන්ට්‍රි එක උඩින් තියලා ඉනටත් අත් දෙක තියාගත්තෙ මං දැන් කන් දෙක වහගත්තා නම් හොදයි කියලා මට තේරුම් කරවන ගමන්.

"උදේට කන්න මොනවා තිබුණත් ඔහොම නම් මං ඔයාට කන්න දෙන්නෙ නෑ. මුලින් ගිහින් හොද වොශ් එකක් දාගෙන එන්න.. කෝ යන්න."

"ජින් හ්‍යුන්ග්.... බඩගිනියි අනේ.."

"මේ.. මට ඔයාව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. අද මට හොදට ම පරක්කු වෙලා තියෙන්නෙ. ඒ මදිවට ඔයාගෙ යුනිවර්සිටි ඇප්ලිකේශන් එක ගැන බලන්නත් ඕනා. තව ඔයාව නලවන්නත් බෑ මට."

හ්‍යුන්ග් බලෙන් ම වගේ මාව ආයෙත් තල්ලු කරලා කාමරේට යවද්දි මාත් අකමැත්තෙන් වුණත් ගිහින් වොශ් එකක් දාගෙන ආවෙ අද මම ගෙදරට වෙලා මොනවද කරන්නෙ කියලා කල්පනා කරන ගමන්.

හයි ස්කූල් ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ යුනිවර්සිටි පටන් ගන්නකන් මට කරන්න කියලා විශේෂ දෙයක් තිබුණෙත් නැති නිසා වෙනදා වගේ ම අදත් ජිමින්, ටේහ්‍යුන්ග්, ජන්කුක් තුන් දෙනාට කතා කරනවා කියලා හිතන ගමන් මං ආයෙත් පහළට එද්දි හ්‍යුන්ග්ත් වැඩට යන්න ලෑස්ති වෙලයි හිටියෙ.

I Don't Want Spring To Come || Sope ( Ongoing )Where stories live. Discover now