Chapter 08

64 22 6
                                    

Hoseok's pov

තවත් විනාඩි පහක් විතර යනකන් ම මං එතැනට ම වෙලා බලන් හිටියෙ දැන් ටිකකට කලින් සිද්ද වුණ හැමදෙයක් ම ආයෙත් හොදට එකින් එක මතක් කරගන්න ගමන්.

ඒත් තවත් මං මේ සීතලේ මෙතැන ඉදලා වැඩක් නෑ කියලා තේරුණ නිසා ම මං සාක්කුවටත් අත් දෙක දාගෙන ඈතින් පේන ගෙස්ට් හවුස් තියෙන දිහාවට ඇවිදන් යන්න ගත්තෙ හෙට මං යුන්ගි ව හම්බවෙනවාද නැද්ද කියලා කල්පනා කරන ගමන්.

ඒත් මට වැඩි වෙලාවක් කල්පනා කරන්න හම්බුණේ නැත්තෙ යන අතර මග මං ජන්කුක් ව දැක්ක නිසා. ඒකත් නම්ජූන් එක්ක...

නම්ජූන් කලින් ජන්කුක් ව එක්කන් ආව නිසා ඒ දෙන්නා එකට ඉන්න එක පුදුමයක් නොවුණත්, එයා ඇයි නම්ජූන් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නෙ කියන එක නම් මට ලොකු පුදුමයක් වුණා.

මං හිමීට ඒ පැත්තට කිට්ටු කළේ මං නිසා එයාලාගෙ කතාවට බාධාවක් වෙයිද දන්නෙත් නෑ කියලා හිතන ගමන්.

"අහ්ම්..අහ්ම්.."

මං ඒ දෙන්නාට ළං දෙනවත් එක්ක ම ටිකක් උගුර පාදලා මං ආව බව ඒ දෙන්නාට දැනෙන්න ඇරියෙ කෙලින් ම ගිහින් කතා කරනවාට වඩා එහෙම කරන එක හොදයි කියලා හිතුණ නිසා.

"ඕහ්.. හොබී. ඔයාලා දෙන්නාගෙ කතාව ඉවරයිද?"

ජන්කුක් කණ්ණාඩි දෙකත් හරියට හදාගන්න ගමන් අහද්දි, මං නම්ජූන් දිහාත් හොර ඇහින් බලන ගමන් ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා.

"ඔ..ඔව් ඒ කතාව ඉවරයි. ඒක නෙවේ, ඔයා ඇයි ගෙස්ට් හවුස් එකට ගියෙ නැත්තෙ ජන්කුක්?"

"ඕහ්.. ඒකද? මං මේ නම්ජූන් හ්‍යුන්ග් එක්ක ෆොටෝසින්තසිස් ගැන තියරි වගයක් කතා කරන ගමන් හිටියෙ. දන්නවාද එයා ඒ ගැන සෑහෙන්න උනන්දුයි."

ජන්කුක් ලග තිබුණ පොඩි ගලක බැදිලා තියෙන පාසි වගයක් පෙන්නන ගමන් හිනා වෙලා කියද්දි මං ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තෙ, මෙයාලාට වෙන කතා වෙන්න දෙයක් තිබුණෙ ම නැද්ද කියලා හිතන ගමන්. මිනිස්සු මොන එහෙකට ඔය වගේ මාතෘකා කතා කරන්න තෝරගන්නවාද මන්දා කියලා හිතෙද්දි, මීට වඩා අර ටේමින් දෙන්නා එක්ක හිටියා නම් හොදයි කියලා මගෙ හිත කියන්න ගත්තා.

I Don't Want Spring To Come || Sope ( Ongoing )Where stories live. Discover now