Chapter 11

62 22 5
                                    

Hoseok's pov

යුන්ගි එයාගෙ නෝට් බුක් එකේ පද පේලි කිහිපයක් ලියන දිහා මං දිගට ම බලන් හිටියත් ඒ එක වචනයක් වත් මට පැහැදිලි ව පෙනුණෙ නැහැ. ටිකකින් යුන්ගි නෝට් බුක් එක නවලා ආයෙමත් සාක්කුවට දාගනිද්දි මගෙ හිතේ ඇති වුණ කුතුහලයට දැනගන්න උවමනා වුණේ එයා ලිව්වෙ මොනාද කියලා.

"ඉතින්.., ඔයා ලිව්ව ලිරික්ස් ටික මට පෙන්නන්නෙ නැද්ද?"

මං මූණ ටිකක් ඇල කරලා ඇහුවෙ මං ඒ විදිහට ඇහුවොත් එයා එක පයින් ම මට නෝට් බුක් එක පෙන්නයි කියලා හිතුණ නිසා වුණත්, එයා මං නොහිතපු තරම් සැවේජ් විදිහට ඒකට ප්‍රතිචාර දැක්වුවා.

"නෑ.."

"ඇ..ඇයි ඒ බැරි?"

"දැන් ම ඒක කාටවත් පෙන්නන්න බෑ සන්ශයින් බෝයි. මොකද ඒක තාම සම්පූර්ණයෙන් ලියලා ඉවර නෑ."

එයාගෙ ආඩම්බරකම දිහා බලාගෙන මට තව එක වචනයක් වත් කියන්න හිතෙන්නෙ නැති වෙද්දි, මං හිමීට අහක බලාගත්තෙ එයාට නොදැනෙන්න. මොකද එයා කියපු වචන මට ඕනාවටත් වඩා දැනුණා කියලා එයා දැනගන්නවට මං කැමති වුණේ නැහැ.

"මං කියපු දේට ඔයා අවුල් ගියා නේද?"

"එ.. එහෙම එකක් නෑ."

මං අනිත් පැත්ත බලාගෙන ම උත්තර දෙද්දි, මේ වෙලාවෙ යුන්ගිගෙ ඇස් යොමු වෙලා තියෙන්නෙ මගෙ දිහාවට කියලා හිතාගන්න මට ඒ තරම් අමාරු වුණේ නැහැ.

"මෙහෙ බලන්නකො. ඔයාට මං අනිවාර්යයෙන් ඒ සින්දුව අහන්න දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් දැනට මං ඔයාට වෙන දෙයක් දෙන්නම්. සින්දුව වෙනුවට ඔයා මේක තියාගන්න."

එයා එක්ක කතා නොකර ඉන්න ඕනා කියන හැගීමට වඩා, එයා මට දෙන්න හදන්නෙ මොකක්ද කියලා දැනගන්න තියෙන කුතුහලය වැඩි වෙද්දි මං මගෙ 'යුන්ගි ව ඉග්නෝර් කිරීමේ වෑයම' ටිකකට පැත්තකින් තියලා අනිත් පැත්ත හැරුණා.

"දැන් මොකක්ද ඔයා මට දෙන්න හදන්නෙ?"

පේන හරියක එහෙම විශේෂ යමක් නැති වෙද්දි මං යුන්ගිගෙ ඇස් දිහා කෙලින් ම බලාගෙන ඇහුවෙ මගෙ ඇස් දෙකත් ඉබේම ලොකු වෙද්දි.

I Don't Want Spring To Come || Sope ( Ongoing )Kde žijí příběhy. Začni objevovat