Chapter 02

74 20 5
                                    

Hoseok's pov

"හෝව්.. හෝව්.. පොඩ්ඩක් ඉන්න. ඔය කියන මින් යුන්ගි ගැන මට පොඩ්ඩක් කියනවද? ඔය කියන මනුස්සයා ගැන මං ජීවිතේට අහලා නෑ."

මං කිසි දෙයක් තේරෙන්නෙ නැති නිසා බැරි ම තැන මින් යුන්ගි කියන කෙනා ගැන ජිමින්ගෙන් ඇහුවත් මට ඒකට උත්තරේ හම්බවුණේ ජන්කුක්ගෙන්.

"මං ඔයාට පැහැදිලි කරන්නම් හොබා."

ඇස් දෙකට දාගෙන හිටපු කණ්ණාඩියත් හරියට හදාගන්න ගමන් කිව්ව ජන්කුක් ෆෝන් එක අරගෙන එයාගෙ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට ලොග් වෙන විදිහ මං බලාගෙන හිටියා. ඊලගට එයා "Yoongi7Min" කියන යූසර් නේම් එක සර්ච් කරලා ඒ ආව රිසාල්ට්ස්වලින් උඩ ම තිබුණ අකවුන්ට් එකට ගියා.

"මේ ඉන්නෙ. මෙයා තමයි මින් යුන්ගි කියන්නෙ. එයා එච්චර ම ප්‍රසිද්ධ නැති වුණත් දැනට සැලකිය යුතු ෆෑන් බේස් එකක් එයාට තියෙනවා. එයා මුලු කොරියාව වටේ ම ගිහින් ස්නෝව් බෝර්ඩින්ග් ටූනමන්ට්ස්වලට සහභාගී වෙනවා. මේ පාර පළවෙනි වතාවට තමයි මින් යුන්ගි ජීසන්වලට එන්නෙ."

ජන්කුක් බුද්ධිමත් වුණාට මං හිතන් හිටියෙ නෑ එයා මේ ලෝකෙ තියෙන හැමදේම ගැන දන්නවා ඇති කියලා. ඒත් දැන් නම් මට ඒ දේ විශ්වාස කරන්න වෙයි කියලා මට හිතෙන්න ගත්තා.

ජන්කුක් පැහැදිලි කරන දේවල් අහන් ඉන්න අතර ම මං මින් යුන්ගිගෙ අකවුන්ට් එකේ ඩීපී එක සූම් කරලා බැලුවේ මට ඒකෙ අමුත්තක් දැනුණ නිසා.

මොකද මුලින් ම මේ කට්ටිය එකතු වෙලා මින් යුන්ගි ගැන කියද්දි මං හිතුවෙ එයා ටිකක් දරුණු පාට, කඩවසම් මූණක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා. ඒත් ඒ ෆොටෝ එකේ එයා හරි ම වෙනස් කියලා මට හිතුණත් ඒක පැහැදිලි කරගන්න ක්‍රමයක් මට තිබුණෙ නැහැ.

 ඒත් ඒ ෆොටෝ එකේ එයා හරි ම වෙනස් කියලා මට හිතුණත් ඒක පැහැදිලි කරගන්න ක්‍රමයක් මට තිබුණෙ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Don't Want Spring To Come || Sope ( Ongoing )Where stories live. Discover now