Hoseok's pov
එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නත් ලොකු අපහසුවක් වගේ දැනුණත් මං හොද හුස්මක් අරගෙන තවත් ටිකක් යුන්ගිට ළං වුණේ මට එයාගෙන් අත්සනක් අරගන්න ඕනා ම යි කියලා හිතුණ නිසා.
"හා..හායි.."
මං අමාරුවෙන් ගොත ගගහා කියද්දි මින් යුන්ගි තමන්ගෙ අතේ තිබුණ වතුර බෝතලේ පැත්තකින් තියන ගමන් හෙමීට මගෙ දිහාට ඇවිදන් එන්න ගත්තෙ මට කෙල ගිලින්නත් අමතක කරවන ගමන්.
ඒත් එයා ඒ හැසිරෙන විදිහ, ඒ පිටතට පේන්න තියෙන පර්සනැලිටි එකට මාව ඕනාවටත් වඩා ආකර්ෂණය වෙන බවක් මට දැනෙන්න ගත්තෙ ඇයි කියලා මට වත් හිතාගන්න බැරි වුණා.
"ඔයා මගෙ පස්සෙන් එනවා."
අපි දෙන්නා අතර පරතරය අඩියක් විතර ඉතුරු වෙන විදිහට මගෙ ළගට ආව යුන්ගි එකපාරට කිව්ව ඒ කතාවෙ තේරුම මොකක්ද කියලා නොතේරුණ නිසා ම මං මගෙ එහා පැත්තෙ හිටපු ජන්කුක් දිහාත් බැලුවෙ එයාට වත් ඒක තේරුණාද කියලා බලන්න. ඒත් ජන්කුක් මට ටිකක් එහායින් ඉදන් උරහිස් දෙක අකුලගනිද්දි, එයාටත් තේරුණ ඇති දෙයක් නෑ කියලා මට හිතුණා.
"මො..මොකක්??"
"ඔයා මගෙ පස්සෙන් එන එක නවත්තන්න. පළවෙනි දවසෙ ඇගේ හැප්පෙද්දි ම මට හිතුණා මෙතැන මොකක් හරි ඇති කියලා."
යුන්ගිගෙ වචන ගොඩක් නපුරු වැඩියි කියලා දැනෙද්දි මගෙ හිතට තරහක් එන්න ගත්තත්, ඒක දුකක් බවට පත් වෙන්න ගියෙ තත්පර ගාණක් විතරයි.
යුන්ගි මගෙ අතේ තිබුණ නෝට් බුක් එක වගේ ම පෑන දිහාත් හොර ඇහින් බලනවා කියලා මම දැක්කත් මට තවදුරටත් එයාගෙන් කිසි ම දෙයක් ඕනා වුණේ නැහැ. සිද්ද වුණ ලැජ්ජාව නිසා මට තවදුරටත් එතැන ඉන්න හයියක් නෑ වගේ දැනෙද්දි මං ඉක්මනින් ම ආයෙත් අනිත් පැත්ත හැරුණෙ ජන්කුක් දිහා බලන්න වත් මට පුලුවන්කමක් නැති වෙද්දි.
ඒත් මං ආපහු හැරිලා අඩියක් වත් ඉස්සරහාට තියන්න කලින් යුන්ගි මගෙ අතේ තිබුණ පෑනයි නෝට් බුක් එකයි උදුරගනිද්දි මට ඒක එයාගෙන් ආයෙත් අරගන්න ඕනා වුණත් මං මොකුත් ම නොකර හිටියෙ මට තවත් ලැජ්ජා වෙන්න ඕනා වුණේ නැති නිසා.
YOU ARE READING
I Don't Want Spring To Come || Sope ( Ongoing )
Fanfiction"වසන්ත කාලෙ උදා වෙලා හිම දිය වෙද්දි, මට ආයෙත් රට වටේ ම යන්න වෙනවා." "මං ඒක දන්නවා. ඒ නිසා ම තමයි වසන්ත කාලෙ එනවට මං අකමැති. මට ඕනෙ නෑ වසන්ත කාලයක්. මං ආසයි මේ හිමේ තියෙන සීතලට." "හිමේ තියෙන සීතලට විතර ම ද ඔයා ආස?" "නෑ... ඒ සීතලට ගල් වෙලා තියෙන මේ හද...