Chapter 12

61 16 3
                                    

Hoseok's pov

"හෝසොක්.."

"හෝසොක්...!!"

"සන්ශයින් බෝයි."

හීනෙන් වගේ කවුරු හරි කතා කරන සද්දයක් ඇහෙද්දි මං ගැස්සිලා ඇහැරුණේ මං මේ ඉන්නෙ කොහෙද කියලා වගේ ම කලින් කන ගාව කෑගහපු මනුස්සයා කවුද කියලා බලන ගමන්.

"ඇති යන්තම් ඔයා නැගිට්ටා. මං හිතුවා ඔයා සීතලට ගල් වෙලා කියලා."

මගෙ එහාපැත්තෙ හිටපු මින් යුන්ගි ගිටාර් එක දාලා තිබුණ බෑග් එක කරට ගන්න ගමන් කියද්දි කලින් මට කතා කරන්න ඇත්තෙත් එයා කියලා මට තේරුම් ගියා.

"ම..මට නින්ද ගියාද?"

"ඒක ඉතින් දන්නෙ ඔයා ම තමයි. මං කොහොමද ඒක ගැන දැනගන්නෙ."

එයා උරහිස් දෙකත් අකුලලා කියද්දි, මාත් නැගිට්ට ගමන් ම එන ඇස් නිලංකාර වෙලා යන ගතිය අමාරුවෙන් යටපත් කරගන්න ගමන් ලී බිත්තියටත් අත තියාගෙන හිටගත්තා. කලින් යුන්ගි දුන්න මුද්ද ගැන හිතන්න ඇස් දෙක පියාගත්ත පාර කෙලින් ම මාව නින්දකට වැටුණ විදිහ ලාවට වගේ මතක් වෙද්දි මං ඉක්මනින් ම මගෙ අත අරගෙන බැලුවෙ ඇත්තට ම ඒකෙ මුද්දක් තියෙනවද කියලා බලන්න වුණත් එහෙම එකක් මගෙ අතේ තිබුණෙ නැහැ.

"මං.. ගො..ගොඩක් වෙලා නිදාගත්තාද?"

"ම්ම්... මං හිතන්නෙ පැයක් විතර.. එහෙම නැත්තන් පැය දෙකක් වෙන්නත් පුලුවන්. මට හරියට ම කියන්න අමාරුයි."

"මොකක්..!! ඔයා කියන්නෙ එතකොට දැන් ගොඩක් පාන්දර වෙලා කියලාද? දෙවියනේ අර කට්ටිය නැගිටලා නම් එහෙම.. මං නෑ කියලා දැනගත්තොත් මාව හොයාගෙන එයි. එතකොට මං ඔයා එක්ක ඉන්නවා කියලා දැක්කොත්.. නෑ නෑ මං ජීවත් වෙලා වැඩක් නෑ එහෙම වුණොත්..!!"

මං වේගෙන් වේගෙන් කියවන් ගියෙ මොනාද කියලවත් මට හරි අදහසක් තිබුණෙ නැහැ. ඔහේ හිතට එන දේවල් වචන කරලා ඉවර වෙද්දි මං යුන්ගි දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියෙ, යුන්ගිත් මගෙ දිහා අමුතුවට වගේ බලාගෙන ඉද්දි.

"ඔයා කියවලා ඉවර නම් මේක අහගන්න. වැඩිය කලබල වෙන එක ඒ තරම් හොද නෑ. අනිත් එක මං කලින් කිව්වෙ බොරු. ඔයා නිදාගත්තෙ විනාඩි හයක් හතක් විතර වගේ. එහෙම නැතුව පැය ගාණක් නෙවේ."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 21, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

I Don't Want Spring To Come || Sope ( Ongoing )Where stories live. Discover now