Chapter 09

60 24 11
                                    

Hoseok's pov

"ඒ කියන්නෙ ඔයාට මං ඊයෙ අදහස් කරපු දේ තේරුණා නේද?"

යුන්ගි අහද්දි මං තවත් ටිකක් එයා ළගට ඇවිදන් ගියා.

"හ්ම්ම්.. ඔව්.. ඉතින්, දැන් වත් ඔයා හිතනවාද මං බුද්ධිමත් කියලා?"

"කොහෙත් ම නෑ. දෙවනි වතාවටත් දන්නෙ වත් නැති කෙනෙක් දෙන එක එක ඉගිවලට අහුවෙන ඔයා තමයි මේ ලෝකෙ මං දැකපු මෝඩ ම මනුස්සයා."

යුන්ගි කියලා ඉවර වෙද්දි, අපි දෙන්නා ම එකපාරට ම හිනා වෙන්න ගත්තෙ, ඒ සීතල නිහඩ වටපිටාව පුරා ම අපේ හිනා හඩ පැතිරිලා යන විදිහට.

"හොබී පොඩ්ඩක් මෙහෙට එන්න. මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා."

ගිනි උදුන ගාව බිම දිහාවට අත දික් කරන ගමන් යුන්ගි කියද්දි මං බලන් හිටියෙ දැන් ටිකකට කලින් එයා ඇත්තට ම මට හොබී කියලා කතා කරපු එක අදහාගන්න බැරුව.

"ඔයා හිතන්නෙ මං ඔයාට හොබී කියපු එක ගැන නම්, ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා. ඒත් මං ඊයෙට වඩා අද ඒ නමට කැමතියි කියලා හිතාගන්න."

මගෙ අතින් ඇදලා මාව එතැන බලෙන් ම වාඩි කරවගත්ත යුන්ගිත් ටිකකින් මගෙ එහාපැත්තෙන් වාඩි වුණේ ගිටාර් එකත් අතේ තියාගෙන.

"අහන්න සන්ශයින් බෝයි. මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා. ඔයා කියන්න ඕනා මේක ලස්සනයි ද කියලා. හරිද?"

ගිටාර් එකත් හරියට හදාගෙන යුන්ගි එහෙම කියද්දි, එයා ගිටාර් එක ප්ලේ කරන්නයි යන්නෙ කියලා මට තේරුණා. මං ඒ නිසා ම හා කියලා ඔලුව වනද්දි, යුන්ගි මාත් එක්ක හිනා වෙලා ගිටාර් එකේ කම්බි අතර එයාගෙ ඇගිලි එහෙ මෙහෙ අරන් යන්න ගත්තා.

යුන්ගි ලස්සනට ගිටාර් එක ප්ලේ කරද්දි මං ඒක අහගෙන හිටියෙ හරියට ධ්‍යානයකට සමවැදිලා වගේ. සීතල රෑක මේ වගේ සංගීතයක් ඇහෙද්දි දැනෙන හැගීම මාව වෙන ම ලෝකයක් ඇතුළෙ අතරමං කරද්දි, යුන්ගි දිගට ම ගිටාර් එක ප්ලේ කළා.

මං ඇස් දෙක වහගෙන හිමීට දෙපැත්තට පැද්දෙන ගමන් ඒ මොහොත ඒ විදිහට වින්දත්, ටිකකින් යුන්ගි ගිටාර් ප්ලේ කරන එක නවත්තද්දි මං එකපාරට ඇස් දෙක ඇරලා එයා දිහා බැලුවෙ ඇයි ඒක දැන් ම ඉවර කළේ වගේ බැල්මකින්.

I Don't Want Spring To Come || Sope ( Ongoing )Opowieści tętniące Åŧyciem. Odkryj je teraz