05 - මම කවුද එතකොට?

391 92 68
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අක්කටත් යන්න කියලා මන් දැන් විනාඩි 10ක් තිස්සේ මේ පූස් තඩියා එනකන් බලාන් ඉන්නේ.. ආෂ්.. මට යන්න බැරි මොකද.. ඊටපස්සේ හෙට අහන ප්‍රශ්න වලට උත්තර බඳින්න එපැයී.. ආ ඔය එන්නේ කව්ද බොලේ අර ලස්සන කොල්ලා.. ෂුහ්..

" ජින් මේ මන් කිව්වේ එයා මින්හී.. "

" අහ් මින්හී මන් ජින් මුගේ යාලුවා.. මන් යනවා පරක්කු වෙලා... "

ඩෙයියනේ එයාගේ ලස්සන..

" ඔච්චර බලන්න දෙයක් නෑ.. එයාට කෙල්ලෙක් ඉන්නවා.. "

ෂැහ් අපරාදේ.. අහ්.. මොකක්ද කිව්වේ.. මෙයා මටද ඒ කිව්වේ.. චික් මොන නවනිංගිරාවක්ද මේ.. ඇයි මන් ගොනා වගේ කටත් ඇරන් ඒ මනුස්සයා දිහා එහෙම බැලුවේ.. දැන් මට මෙයා දිහා බලන්නත් ලැජ්ජයි.. ෂුවර් එකටම මගේ කම්මුල් වල ලේ පිරිලා ඇති.. යීෂ්..

" නෑ එහෙම නෙමේ ඉතිං "
කට කොනකින් නෝන්ඩි හිනාවකුත් දාගන බලාන් ඉන්න කැත..

" යමුද නෝනා.. "

නෝනා.. වට් නෝ.. ආෂ්.. ජිමිනා මන් තමුන්ව මරනවා.. හෙට එනවකෝ... ඒත් මේ මොකක්ද දික් කරන් ඉන්නේ.. හෙල්මට් එකක් නේද.. මට බෑ. බයික් එකේ යන්න.. අනේ දෙවියනේ මේ මොන හෙනගෙඩියක්ද මට මේ පාත් උනේ.. ආෂ්..

" බ්.. බ්.. බයික් එකේද දැන් අපි යන්නේ.. "

" ඔව් මොකද තාම මට කාර් එකක් නම් නෑ.. කරුණාකරලා පොලීසියෙන් වගේ ප්‍රශ්න අහන්නේ නැතිව නගිනවද.. මට වැඩ තියෙනවා.. "

" හරි මන් තනියම යන්නම්.. ප්‍රශ්නයක් නෑ.. "

මට දුක හිතුනා.. වදයක් වෙන්න ඕන නෑ මට.. මන් ජීවිතයේ අකමැතිම දේ ඒක.. කාටවත් වදයක් වෙන එකට මන් පොඩ්ඩක් වත් කැමති නෑ.. මන් හිතන්නේ මගේ කටහඬත් එක්ක වෙවුලුවා ඒක කියද්දී.. මොකද මට දැන් ඇඬෙන්න එන්න හදන්නේ.. මුලින්ම කියන්න ඕනේ මන් ඉක්මනට ඇඬෙන බොලඳ ජීවියෙක්.. දැනුත් එහෙම තමා.. විශේෂයෙන් මන් හිතින් ගොඩක් ලඟ මිනිස්සු කියන හිත රිදෙන කතා වලට මට ඇඬෙනවා.. ඒත් දැන් අඬන්න බෑ..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now