14 - අම්මාගේ පණ්ඩිත ආච්චිගෙන්

337 95 30
                                    

"රෝස පැලයක පිපුන මලකට
යාබදව මා උපන් නිසා..

පරවූ මා දෙස නෙත් යොමු නොවූවද
මා ද මලකි ඔබ නිසා...

අම්මේ නාඬනූ මා උපන්නේ
පරව යන්නට වූ නිසා...

~ ඔයාගේ ආදරණීය චූටී දූ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼




මගේ පුංචි රෝස මල.. ඔයාගේ අවසන් ගමනක් මේ ඇස් වලින් දකින්න මන් ජීවත් උනේ මොකටද කියලා මට හිතෙනවා චූටී..

" ඔම්මා.. "

" ඔව් ජිමින් පුතා.. කියන්න මන් අහන් ඉන්නේ.."

" ඔම්මා.. මේක මින්හී අපිව දාලා යන්න කලින් ඔයාට ලියපු ලියුමක්.. "

මොන තරම් නපුරුද මේ ලෝකය.. මගේ අහිංසකී ගේ හැඟීම්, ඒයා මේ ලෝකේ නැති මොහොතක ලියුමකින් කියවන්න තරම් මන් අසරණ වෙලා..

මට අද වගේ මතකයි දූ.. ඔය දෙන්නා පුංචි රෝස මල් දෙකක් වගේ මගේ තුරුලට ආපු හැටී.  ඉපදුන දවසේ ඉඳන්ම මගේ මින්හී මට සැනසීමක් උන දරුවෙක් උනා.. ෂින්හී මුලු රැයක් කෑ ගගහා ඇඬුවත් මන් ෂින්හිව නලවනකන් ඇඟිලි දෙකක් උර උර මන් දිහා බලාගන ඉන්නවා ඇරෙන්න මගේ උණුහුම ඕන කියලා මට කරදර කලේ නෑ..

මොන දේ නැති උනත් ඔය මූණේ අපි වෙනුවෙන් හිනාවක් තිබුණා.. මට මතකයී දවසක්.  ෂින්හී රෝසපාට ගවුමක් ඉල්ලලා හොඳටම ඇඬුවා.  එතකොට ඔයාලට අවුරුදු පහක් විතර ඇති.. එදා අපි කඩේට ගියේ අලුත් ඇඳුම් දෙකක් දෙන්නටම ගන්න.. ඒත් ලොකූ ඉල්ලපු ගවුම ගත්තොත් මට සල්ලි මදි වෙනවා.. චූටීගේ ගවුම ගන්න.. අක්කා අඬද්දී අක්කාගේ අත අල්ලගන හිටියා ඇරෙන්න මුකුත් නොකියා ඔයා මන් දිහාම බලාගන හිටියා..

" ඔම්මා ගවුම අරන් දෙන්නතෝ අක්කට.. ඒයා අඩනෝ.. පව්.. "

" මැණික ඒක ගත්තොත් ගවුම් දෙකක් ගන්න සල්ලි මදි වෙනෝ.. "

" ඉතිං සෝස පාට එක ගමූ.. අපි දෙන්නම ඒත අඳින්නම්.. "

ඔව්.. මගේ චූටී එහෙමයි කිව්වේ.. ඒත් ලොකූ කවදාවත් චූටීට ඒ ගවුම අඳින්න දුන්නේ නෑ.  මගේ අහිංසක කෙල්ල.. ඔව්.. එයා එහෙමයී.. මගේ චූටි ඉගෙනගන්න ගොඩක් දක්ෂ දරුවෙක්.. කවදාවත් කම්මැලි උනේ නෑ.. තනියම හරි හැමදේම ඉගෙනගන්න එයා උත්සාහ කලා.. ඒ වගේම මහන්සි උනා.. මගේ චූටිට ලස්සනට නටන්න පුළුවන්.. ඒත් කවදාවත් එයාට ඒක පෙන්නන්න තරම් අවස්ථාවක් ලැබුනේ නෑ..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now