13 - මින්හී.. ❤️

360 93 42
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Dear Soulmate ,

හ්ම්ම්.. හයවෙනි ලියුම.. නේද? තාමත් තරහද.. ඔව්.. ඔයාට ඉක්මනට කේන්ති යනවනේ මාත් එක්ක.. නේද.. ජිමින් මන් හිතන්නේ මන් අලුත් පාරකින් ජීවිතය ඉස්සරහට යන්න හිතුවා.. කොහොමත් මරණයට අඩිය තියන්න යන මම ඔයාලට කරදරයක් නොවෙන්න ඕන නිසයි මෙහෙම ඈත් උනේ.. මරණය අපි හැමෝටම උරුමයි ජිමින්.. ඒක මේ විදියට නැතත් කවදාම හෝ මාව හොයාගන එනවා..

ඉතිං මන් තීරණය කලා ජිමින් මේ කාලයේ ඔයාලා හැමෝගෙන්ම ඈත් වෙන්න.. එතන මන් හොයන සැනසීම මට තියනවා.. බය වෙන්න එපා මන් බෙහෙත් බොනවා.  ට්‍රීට්මන්ට් කරනවා  ඉතිං මන් හොඳින්.. ඔයාට හය වෙනි ලියුම එවද්දිත් මගේ අකුරු කලින් වගේම නේද.. ඔව්.. මන් ශක්තිමත් කෙනෙක් දැන්... මන් හිතනවා ජිම්න් ඔයා සතුටින් ඇති කියලා.  සමහරවිට නැතුව ඇති මොකද ඔයා මට මගේ ජීවිතයම වගේ. අපේ බැඳීම නිසා ඔයා දුක් වෙන්න එපා ජිමින්.. තවත් බැඳුනොත් ඉස්සරහට ඔයාට තවත් අමාරු වෙයී.. සේහා එක්ක සතුටින් ඉන්න. අම්මාව තාත්තා ව හොඳින් බලාගන්න.. නංගිලාවත්.. ඉතිං ආයෙත් ලියුමක් එවනකන් මන් නවතිනවා.. තව දෙයක් මගේ ආදරය ඒක හැමදාමත් රහසක් විතරක් විදියට තියාගන්න..

මාව හොයන්න එපා..

මීට..
මින්හී..





ඔව්.. අදට මන් මේ ආශ්‍රමයට ඇවිත් මාස හයක්.. ජීවිතය හරි පුදුමයි මේ දැනෙන සැනසීමට මන් දැන් ඇබ්බැහි වෙලා.. එදා උපන්දිනය දවසෙ මන් හිතුවා මේ දේ අම්මට කියන්න.. ඔව්.. අවසානයේ මන් තීරණය කලා ඒ අඳුරු ආරංචිය එයාලට කියලා ඒ හැමෝගෙන්ම ඈත් වෙන්න.. මොකද ජීවිතය මට දුන්න වේදනාවක් ඒ ඇස් වල කඳුලු වෙනවා දකින්න මට බෑ.. ඔව්.. මින්හී ආත්මාර්ථකාමී වෙලා.. එහෙමනේ..?

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now