10 - කනත්ත බුක් කරන්න වෙයිද?

356 95 77
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ආහ්.. ඔලුව.. දෙයියනේ මෙච්චර ඔලුව රිදෙන්නේ ඇයි... මේ උණ හින්දා ඔව්.. මම ඔලුවත් අල්ලන්ම නැගිටලා  වට පිට බලද්දී තමා තේරුනේ උදේ වෙලා නේද කියලා.. ඇඳ දිහා බලද්දි නම් හිතුනේ අක්කා නැගිටලා වගේ.. ඒ නිසාම මන් ඉක්මනට මගේ පර්ස් එක අරන් බැලුවේ අතේ සල්ලි කීයක් තියනවද කියලා.. මොකද දැන් දැන් මේ කරුම ඔලුවේ කැක්කුම මට මාර වදයක්.. අනික හැම වෙලේම අඬන්න බලාගනම ඉන්න නිසා අඬන්න අඬන්න මට ඒ කැක්කුම එන්න එන්නම වැඩියී..

තියෙන සල්ලි ටික බෙහෙත් ගන්න ඇති අක්කාටයි යුන්ගී ඔප්පටයි කැම්පස් යන්න කියලා මම සුපර්මාර්කට් එකට ගිහින් එන්න යනවා කියලා බෙහෙත් ගන්න ගියා නම් හරී..

" නංගී.. දැන්වත් නැගිටිනවා.. බලනවා කෙලත් බේරෙනවද මන්දා.. මොකද ඔය ඇස් දෙකයි නහයයි ඔච්චර රතු වෙලා.. "

" ආෂ් නිදිමතයි අක්කේ මට.. "

දොර ගාව ඉඳන් මන් දිහා කලකිරිලා වගේ බලාන් ඉඳලා අක්කා ඇවිත් ඇඳෙන් වාඩි උනා. ඊයෙට වඩා නම් මූණ ටිකක් එලිය වැටිලා එයාගේ..

" අක්කේ... ඔයා හොඳින් නේද.. "

" හ්ම්ම්.. මට බයයි නංගී.. "

" ඇයි අක්කේ.. මොකක්ද උනෙ.."

" නංගී.. අම්මා දැනගත්තොත් මේ දේවල් හැමදේම ඉවරයි.. මට ඔප්පා නැතුව ජීවිත් වෙන්න නම් බෑ නංගී.. පුංචි කාලයක් උනත් අපිට දැන් අපි නැතුව ඉන්න බෑ.. "

" අක්කේ.. මේ බලන්න.. අද නැතත් කවදා හරි අම්මා මේ දේවල් දැනගන්න ඕන. නේද.. ? එත් නොපෙනෙන අනාගතයකට බය වෙලා අද දවස නැති කරගන්න එපා.. අම්මා අනිවාර්යයෙන්ම ඔය දෙන්නට ආශිර්වාද කරයි.. මොකද ඔප්පා ගොඩක් හොඳට ගැලපෙනවා ඔයාට.. ඔයා වෙනුවෙන් පවුලම අත ඇරලා ඔයා ගාවට ආපු කෙනෙක්ට අපේ අම්මා කවදාවත් අකමැති වෙන්නේ නෑ අක්කේ.. හොඳද.. ඒ නිසා දුක් නොවී ඉන්න.. "

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now