11 - මට මන් ගැන බලාගන්න පුළුවන්

373 94 25
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නෑ නෑ.. ඒක වෙන්න බෑ.. එතකොට ලියුකේමියාව නිසාද තාත්තා නැති උනේ.. ඒත් ඇයි මට එහෙම පරීක්ෂණයක් කරන්නේ නෑ නෑ.. එහෙම නෑ.. දෙයියනේ මට ඇස් වල කඳුලු ගලනවා.. මන් මන් ඉල්ලපු ප්‍රාර්ථනාව ඇත්තටම වෙන්නද යන්නේ.. කව්රුත් වැළඳගන්නේ නැති මාව වැළදගත්තේ මරණය විතරද..

මගේ කටින් ඉකියක් පිට වෙවී මට ඇඬෙන්න ගත්තා.. කාටත් හොරෙන්ම ගෙදර වොෂ්‍ රූම් එකට රිංගගෙන මන් හොඳටම ඇඬුවා.. නහයෙන් කටෙන් ලේ ගලනවා.. මට මේක දරාගන්න බෑ.. ඔම්මා.. ඔම්මා.. මට රිදෙනවා.. මාව පිච්චෙනවා ඔම්මා.. මන් මොකක්ද කරන්නේ.. මට බෑ කාටවත් කරදරයක් වෙන්න.. මන් මොකක්ද කරන්නේ.. මට මුකුත් තේරෙන්නේ නෑ. 

අඬලා ඉවර වෙලා මන් කිචන් එකට යද්දි යුන්ගී ඔප්පා කෑම හදනවා.. මන් ආව නිසා එයා මන් දිහාවට හැරුනා..

" මින්හී ඔයා හොඳින්ද.. මොකද ඔය තරම් රතු වෙලා.  අසනීපයක්වත්ද.. "

" මන් හොඳින් ඔප්පා.. මට දෙයක් කියලා දෙනවද.. "

" මොකක්ද "

" නෑ එක්කෝ ඕන නෑ.. මන් ඒක බලාගන්නම්.."

" මින්හී මොකක්ද වෙලා තියෙන්නේ.. ඔයාව වෙවුලනවා.. "

එපා ලඟට එන්න එපා.. එයා මගේ ලඟටම ආවා.. මගේ ඇස් වලින් කඳුලුත් වැටෙනවා මට දැනෙනවා..

" අද මොනවද අපි රෑට කන්නේ.. අහ්.. ඔයාත් ආවාද.."

එකපාරටම අක්කා ආපු නිසා මන් ඉක්මනින්ම එතනින් ඇවිත් එලියට ගියා.. රෑ නවය දහය එකොලහ දොලහා එක නෑ දෙක.. ඔව් ඒ වෙනකන්ම පාලු පාර්ක් එක්ක මන් තනියම ඇඬුවා.. හැමෝම නිදි නිසා හෙම්බත් වෙලා මන් ගෙදරට ආවා.. ඒත් එයා නිදාගන තිබුණේ නෑ..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now