08 - ජීවිතය? ඔයයි මමයි තව දුරටත් එකට යන්නම ඕනද?

375 96 82
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අඬලා අඬලා වොෂ් රූම් එකෙන් එලියට ආවත් ලෙක්චර්ස් යන්න කිසිම ආසාවක් මට තිබුණේ නෑ.. ඔව්.. මේ හිස් හැඟීම ජීවිතයේ දේවල් වලට හුරු කරන්න අමාරු කරනවා..

කව්රුත් වැඩිය ගැවසෙන්නේ නැති තැනක ගහක් ගාව තිබුණ බෙන්ච් එකේ වාඩි වෙලා කල්පනා කර කර හිටියා.. ෆෝන් එකෙන් දෙපාරක් විතර ඉන්ස්ටර්ග්‍රෑම් එකට ගියා.. දුක හිතෙන සින්දු ඇහුවා.. කොටින්ම මහ කාලකණ්ණි කමක් මට දැන් දැනිලා තියෙන්නේ.. ලෙක්චර්ස් ඉවර වෙලා ඇති දැන්.. අනිවාර්යයෙන්ම.. ඒත් ජිමිනා එයා එක කෝල් එකක් වත් දුන්නේ නෑ.. මහ නපුරු මනුස්සයෙක්.

එක අතකට අර කිව්වත් වගේ මන් මහ මෝඩ කෙල්ලෙක්.. නිකන් හොටු පෙර පෙර අඬනවා.. මෝඩ කම.. මගේ.. ඒත් ජිමින්ට වටිනවද එහෙම කියන්න.. ඒත් පොඩ්ඩක් ඉන්න.. ජිමින් කොහොමද මගේ හිතේ විතරක් තිබුණ දේ දැනගත්තෙ.. මම මේ හිතේ විතරක් කිව්වට කවුද දන්නේ මම යුන්ගී ඔප්පා දිහා බලාගන ඉන්නවා එයා දැක්කද කියලා.. කොහොමත් මට ඒ වෙලාවට වටේ පිටේ ගැන සිහියක් නෑනේ..

" මොකද ලෙක්චර්ස් ආවේ නැත්තේ.. "

ජිමිනා නේද.. පොඩ්ඩක් ගෑස් උස්සන්න ඕන. ඇයි වදේ.. මන් උන්නද මලාද බැලුවේ නෑ.. දැන් ඇවිල්ලා මෙතන ලෙක්චර්ස් ආවේ නැද්ද අහන්න..

" මට ඕන නිසා.. "

" ආ.. ඇත්තද.. තමුන්ට ඕන නිසා සෑහෙන්න ඒවා ඉස්සරහට නැති කරගනී වගේ මේ යන විදියට.. "

" ඉතිං ඔයාට මොකද.. "

මාත් අත ඇරියේ නෑ.. ඒත් හිතට දුකයී... මන් මොනවා කරන්නද ජිමින්...

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now