1.

1.9K 208 48
                                    

"ඔයාලට කියන්න යුන්ගි හියුන්ග් ඇස් දෙක රතු කරන් ඇඩුවත් එක්ක.. prank එකක් කළේ කිව්වම මාව මරපු නැති ටික විතරයි අනේහ්.."

"අමො අමො 😂😂"

"මොකද උබ හිනාවෙන්නෙ ආහ් ? මන් කියන්නෙ උබත් කරපන් ඕක ජන්කුක්ට."

"ම්..මොකක් ? මේ මම ?? පිස්..සුද ? මට බැහ්. කුකි මොනා හිතයිද මන් ගැන"

"මොකක්ද බන්... අනේ ප්ලීස්.. මන් කියනවට කරපන්කො ඕක.."

"ඔව් ඔව් ටේ.. කරන්න ඕක.... අපිටත් රිසාල්ට් එක බලන්න පුලාන්නෙ..."

"අනේ.. ඒත්... ආශ්... හරි එහෙනම්.."

"යේස්... අදම කරපන් ඈ.."

"හ්ම්ම් හ්ම්ම්.. තියපල්ලා ඉතින් දැන්.. කුකි ඔෆිස් ගිහිල්ලා එන වෙලාව කිට්ටුයි."

"ආහ් හා හරි හරි.. මේ මතක් කරලා වීඩියො කරපන් ඈ..."

ටේ, ජිමින්, ලීසා.. ජිමිනුයි ටේයි පොඩි කාලෙ ඉදන්ම හොදම යාළුවො උනත් ලීසා මෙයාලට එකතු වෙන්නෙ කොලේජ් කාලෙ ඉදන්.

මෙච්චරවෙලා ජිමිනුයි ලීසයි එක්ජ ගෲප් කෝල් එකක හිටපු ටේ phone එක පැත්තකින් තියලාවෙලාව බැලුවා.. 6.15 යි. තව පැය කාලකින් ජන්කුක් එහෙම නැත්තන් ටේගෙ හස්බන්ඩ් ගෙදර එනවා.

ටේ උඩ පැනලා ගෙදර පල්ලෙහා තට්ටුවට ගිහින් සොෆා එකේ ඉදගෙන දොර දිහෑ බලාගෙන ඉන්නෙ එයාගෙ ආදරණීය හබී එනකන්..

ටික්.. ටික්... ටික්...

ඔරලෝසුවේ කටු කැරකිලා 6.30 වෙච්ච ගමන්ම වගේ ගෙදර දොර ඇරුණෙ ටේගෙ මූණ ලස්සන හිනාවකින් සරසලා..

"කුකී.. අයි මිස් යූ...."

ටේ උඩ පැනගෙනම ගිහින් ජන්කුක්ගෙ ඇගේ එල්ලුනේ ජන්කුක් අතේ තිබ්බ බෑග් එකත් එහෙම්මම බිම දාලා ටේව බැලන්ස් කරගන්නකොට.

"අයි මිස් යූ ටූ මැණික.."

ජන්කුක් ටේගෙ තොල් උඩින් පෙක් එකක් තියලා කොණ්ඩෙ අවුස්සන කොට ටේගෙ කටින් පිට උනේ හුරතල් සද්දයක්.

Tae P.O.V.

ආශ්.. මන් මොනවද මේ කරන්නෙ.. මේක මෙහෙම නෙමේනෙ වෙන්න ඕනෙ.. අයියො ටේ ඔයාටත් කුකීව දැක්කම ඔක්කොම අමතකයි නෙහ්... කමක් නෑ දැන් හරි මතක් උනානෙ.. දැන් පටන් ගත්තනම් හරී..

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now