8.

819 182 8
                                    

From Previous Chapter

ජන්කුක් ඔෆිස් ඇරිලා ගෙදර එද්දි ගේ කට්ට කළුවරයි. අඩුම ලයිට් එකක්වත් නෑ. ජන්කුක් ගේ ඇතුළට ගිහිල්ලා. ලයිට්ස් ඔන් කරලා living room එකේ බැලුවෙ වෙනද වගේ ටේ එතන ඉන්නවද කියලා. ඒත් ටේ හිටියෙ නෑ. ජන්කුක් ඊළගට කෙළින්ම ගියේ එයාලගෙ කාමරේට.

ජන්කුක් කාමරේ ලයිට්ස් ඔන් කරලා බලද්දි දැක්කෙ ඩුවට් එක අස්සට ගුලි වෙලා දොයියන් ඉන්න එයාගෙ සුරගන පැටියව.. ඒත් තාමත් ඒ සුරගන පැටියේ ජන්කුක්ගෙද ??

_________________________________________

New Chapter

ජන්කුක් වොශ් එකක් දාන් ඇවිත් ටේගෙ එහා පැත්තෙන් ඇලවුණේ බඩගින්නෙමයි. ටේගෙ නළලට කිස් එකක් දීපු ජන්කුක් ටේව ළගට අරන් තුරුල් කරගත්තෙ හිතින් දහස් වාරයක් සමාව ඉල්ලන ගමන්.

Next Day

ජන්කුක් ඇස් අරිද්දි කලින් දවසෙ රෑ තිබ්බ උණුහුම නෑ එයා ගාව. ඇගමැලි කඩලා ජන්කුක් වොශ් එකක් ඒම දාගෙන පල්ලෙහාට ගියේ ටේව බලන්න. එයා පල්ලෙහාට එද්දිත් ටේ ඒ දෙන්නට බ්‍රෙක් ෆස්ට් ලෑස්ති කරනවා.

ජන්කුක් වෙනදා වගේම ටේව බැක් හග් කළා.

"ගුඩ්මෝනින් සුදූ..."

"මෝනින් කුකී..."

"මන් අද නිවාඩු...."

"ඔහ් එහෙමද ?? එහෙනම් ඉදගෙන ඉන්නකො මන් ටක් ගාලා සර්ව් කරන්නම් කෑම එක"

ජන්කුක් ඔළුව වනලා හෙමීට ගිහින් ඩයිනින් ටේබල් එකෙන් ඉදගෙන ටේ කඩියා වගේ දුව දුව වැඩ කරන දිහා බලාගෙන හිටියා.

විනාඩි දෙක තුනකට පස්සෙ ටේ කුකිගෙයි එයාගෙයි ප්ලේට් දෙකත අරගෙන ජන්කුක්ගෙ එහා පැත්තෙන් ඉදගත්තා.

දෙන්නම නිශ්ශබ්දව කෑම කෑවත් ජන්කුක්ගෙ ඇස් නම් සැරෙන් සැරේ ටේගෙ දිහාට යොමුවුණා.

"කුකි..."

"ම්ම්ම්...."

"මන් දෙයක් අහන්නද ?"

"මොකක්ද ??"

"ඔයා මගෙන් සෑහීමකට පත් වෙනවද කුකී ? මගේ මොනවද තියෙන අඩුපාඩු ??"

කෑම කකා හිටපු ජන්කුක් ඉද්ද ගැහුවා වගේ නැගිටලා ටේ ඉස්සර දණගහගත්තා.

"මැ..මැණික.. ඇයි එහෙම අහන්නෙ ම්ම් ??"

"කියන්නකෝ...."

"නැ.. නෑ මැණික මගේ බබා හැම අතින්ම පර්ෆෙක්ට්.. හැම දේකින්ම... කිසිම අඩුපාඩුවක් නෑ.. ඔයා 100% ක්ම පර්ෆෙක්ට් මගෙ රත්තරනේ.."

"......"

"ඉතින් කියන්නකො.. මොකද එක පාරම එහෙම ඇහුවෙ ම්ම් ??"

"නිකන් අනේ..."

"අද අපි යමුද ඇවිදින්න ? ම්ම්.. කාලෙකින් ඔයා එක්ක කොහෙවත් ගියෙත් නෑනෙ.."

"ඇත්තටමද ??"

"ඔව් බබා.. ඉක්මනට කාලා ලෑස්ති වෙන්න ඉතින්..."

ටේයි ජන්කුකුයි එදා මුළු දවසම විනෝද උනා. කරන්න පුළුවන් හැමදේම කරා. ජන්කුක් ටේව සතුටු කළා. එදා දවස දෙන්නගෙම ජීවිතයේ අමතක නොවෙන දවසක් වේවි අනිවාර්‍යයෙන්ම !

ටේකුක් දෙන්නා හිටියෙ බීච් එකේ. වෙරළෙ වැතිරිළා අහසෙ තරු දිහා බලාගෙන. රාත්‍රි අහස හරිම ලස්සනයි.

"කුකි."

"ම්ම්.."

"ඔයාට මට කියන්න කිසිම දෙයක් නැද්ද ?"

"ටේ..."

"තියෙනවනම් කියන්න කුකි. බය වෙන්න එපා."

"ටේ.... ම..මට සමාවෙන්න."

_________________________________________

ඔන්න ජන්කුක් වමාරන්නයි යන්නෙ..

😌

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now