11.

778 182 30
                                    

"ත..තමුන් මොකද මෙහෙ ???"

"අ..අහන්න ජන්කුක් මම..."

"යනවා එළියට දැම්මම.. මට තමුන් එක්ක කතාවක් නෑ.."

"ආ...අනේ ඒත් එක පාරක්...."

"මන් එක සැරයක් කිව්වා තමුසෙට...."

"කුකී... මොකද උනේ ? කවුද ආවෙ ?"

ජන්කුක් මහ හයියෙන් කෑ ගහන හින්දා ටේ කුස්සියේ කර කර හිටපු වැඩේ නවත්තලා ආවෙ කවුද කියලා බලන්න..

"ටේ...."

"ආ... ලීසා.. එන්න ඇතුළට.. මොකද ඔතන හිටගෙන.."

"ටේ මැණික...."

"ඔයානන් මාරයි කුක්... ගෙදෙට්ට ආපු මනුස්සයෙක්ට ඔහොම කෑ ගහනවද ආ... එන්න ලීසා ඉදගන්න.."

ජන්කුක් වගේම ලීසත් පුදුම උනා ටේගෙ මේ සන්සුන් හැසිරීමට... ඒ විතරක් නෙමේ දෙන්නටම ලොකූ වරදකාරි හැගීමක් දැණුන.

ලීසා හෙමින් හෙමින් ඇවිත් ඉදගත්තට පස්සෙ ජන්කුකුත් දොර වහලා ඇවිත් ලීසට ඈතින්ම තිබුණ පුටුවෙන් ඉදගත්තා.

"ඉන්න මන් බොන්න මොනවහරි හදන් එන්නම්.."

ටේ ජන්කුක්වයි ලීසවයි තනියම තියලා කුස්සියට ගිහින් බොන්න මොනවා හරි හදන්න ගත්තා. ඒ අතරෙ සාලෙ හිටිය ජන්කුක්වත් ලීසවත් එකිනෙකා දිහා නම් බැලුවෙ නෑ.. ලීසා බිම බලාගෙනම හිටියත් එයාගෙ ඇස් වලින් හෝ ගාලා කදුළු වැටෙනවා.

ටිකකින් ටේ බීම වීදුරු තුනකුත් උස්සන් ඇවිත් ලීසට මුලින්ම දීලා, ජන්කුක්ටත් දීලා එයත් එකක් අරන් ඉදගත්තා.

"ඉතින් ලීසා.. මොකො හදිස්සියෙම ආවෙ ?"

එතකොට මෙච්චර වෙලා බිම බලන් හිටපු ජන්කුකුත් ඔළුව ඉස්සුවා. මොකද ජන්කුක්ටත් දැන ගන්න ඕන උනා ලීසා මෙහෙ ආපු හේතුව.

"ටේ.... ම...මට සමාවෙන්න... මන් ගැන හැමතිස්සෙම හොයලා බලපු හොදම යාළුවට මන් ද්‍රෝහි උනා.. අ..අනේ මන් මොකක්ද ඒ කළේ... මන් සෑහෙන පව්කාරියක් ටේ... ප්ලීස්.. මන් සමාවවත් ඉල්ලන්න සුදුසු නෑ.. ඒත් පුළුවන්නම් මට සමාව දෙන්න... ප්ලිස්...."

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now