10.

781 172 21
                                    

දැන් සති තුනක් වෙනවා... ජන්කුක් ටේට හැමදේම කියලා. ඒ වගේම ටේ ජන්කුක් එක්ක කතා බහ කරන එකත් අඩු කරලයි තිබ්බෙ මේ සති තුන පුරාවට. ටේ ජන්කුක් එක්ක කතා කළේ අත්‍යවශ්‍යම දේකට විතරක් වෙනකොට ජන්කුක් ඕන එකටයි එපා එකටයි හැමදේටම ටේට කතා කරන්න ගත්තා.

ජන්කුක්ට පාළුයි. ඒ වගේම දුකයි.. කේන්තියි.. මේ සේරටම වැරදි තමන් කියලා ජන්කුක් දන්නවා. ඒ වගේම ඒ ගැන ජන්කුක් හැමදාම පසු තැවුණා. ඒත් ජන්කුක් පරක්කු වැඩිනන්...

"ටේ.... අනේ ප්ලීස්.. මට තව එකම එක අවස්ථාවක් දෙන්නකො.."

"........."

අදත් වෙනද වගේම දවසක්. ජන්කුක් උදේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා ටේගෙ පස්සෙන් යන්නෙ එයාට සුදුසු නැති සමාව ඉල්ලන්න. කොච්චර ඉල්ලුවත් ටේගෙන් තාම නන් සමාවක් හම්බුණේ නැහැ.

දෙනදට ජන්කුක් ඔෆිස් අදින්බ ඕන ටයි පටියෙ ඉදලා මේස් දෙකට එනකන් හැමදේම ලෑස්ති කළේ ටේ උනත් දැන් ජන්කුක්ට ඒ ඔක්කොම තනියම කර ගන්න වෙලා. ඒත් ටේ ජන්කුක්ට කෑම හදලා දෙන එකනම් නොකඩවා කළා.

අන්තිමේදි ටේගෙ පස්සෙන් ගිහින් ගිහින් ප්‍රතිචාරයක් හම්බුණේ නැති තැන ජන්කුක් මූණ දුකින් බිමට හරවගෙන කෑම එකත් අරන් ඔෆිස් එකට ගියා. ජන්කුක් මේ වෙනකොට ලීසව හම්බෙන එක සම්පූර්ණෙන්ම නවත්තලා තිබ්බා වගේම ලීසව ජොබ් එකෙන් අයින් කරලා තිබ්බා. ජන්කුක්ට පුළුවන් උනා නම් කාලය ආපස්සට හරවන්න එයා මේ වෙනකොටත් ඒක කරලා..
.
.
.
.
.
එදා ජන්කුක් ඔෆිස් ඇරිලා එනක් ගමන් රෝස මල් මිටක් අරන් ආවා.. වෙනද වගේම.. දැන් දැන් ජන්කුක්ට ඒක පුරුද්දක්ට ගිහිල්ලා. ටේහියුන්ග් එයා හැමදාම ගෙනත් දෙන රෝස මල් දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැති උනත් පහුගුය සතු තුන පුරාවටම ජන්කුක්ට මේක සාමාන්‍ය දෙයක් උනා.

එදත් ජන්කුක් මල් ටික අරගෙන ගෙට ගොඩ උනේ වෙනදා වගේම ටේගෙ නොසලකා හැරීම් බලාපොරොත්තුවෙන්.

ඒත් එදා පුදුමෙකට වගේ ජන්කුක්ට දොර ඇරිය් ගමන්ම දකින්න හම්බුණේ ටේගෙ හිනාවෙන් පිරුණ ලස්සන මූණ.

"ට්..ටේ..."

ජන්කුක්ට සතුටුයි. මොකද ජන්කුක් මේ හිනාව දකින්නෙ කාලෙකට පස්සෙ. ජන්කුක් ඉස්සර වගේම තාමත් පිස්සුවෙන් වගේ ආදරේ කරන එයාගෙ ටේහියුන්ග්ට විතරක්ම තියෙන ලස්සන බොක්සි ස්මයිල් එක.

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now