5.

802 171 28
                                    

ටේ ඇතුළට යද්දි ජන්කුක් යුන්ගි ගෙනාපු ෆයිල්ස් වල වැඩක් කරනවා. යුන්ගි ජන්කුක්ගෙ ඉස්සරහින් ඉදගෙන බලන් ඉන්නවා. ලීසා ජන්කුක්ගෙ රූම් එකේ තිබ්බ කබඩ් එකකින් මොනවද හොය හොය හිටියෙ.

ටේ දොර අරින සද්දෙට තුන්දෙනාව දොර පැත්ත බැලුවෙ ටේ මොංගල් පාට හිනාවක් දාද්දි..

"හී..  හෙලෝව්..."

"ටේ... බබා.. ඔයා ??"

"ඕ කුකි.. ඔයා උදේටත් කාලා නෙමේනෙ ආවෙ. ඉතින් මන් ඔයාට කෑම ගෙනවා..."

ටේ කෑම එක අරන් ටේබල් එක උඩින් තියද්දි ජන්කුක් බිම බලාගත්තා.

"ලීසා... ආ මෙන්න මන් ඔයාටත් කෑම එකක් ගෙනාවා..."

ටේ ලීසා ගාවට ගිහින් එයාගෙ කෑම එක දෙද්දි ලීසගෙ ඇස් පොල් ගෙඩිසයිස් උනා.

"ම්.. මේ... මටත් ???"

"ඔව් පාබො... ඔයාවත් මතන් උනා ඉතින්.. ඒ නිසා ගෙනාවා."

"තැ..තැන්ක් යූ ටේ.."

"එහෙනම් මන් යනවා... උබ කාලා ඔය වැඩේ කරලා තියපන්... මන් එන්නම් පස්සෙ.. ලීසා ඔයත් එන්න. මේ දෙන්නට පාඩුවෙ ඉන්න දීලා."

යුන්ගි එහෙම කියලා නැගිටලා ගියා. ඒත් එක්කම ලීස  ජන්කුක් දිහෑ බැලුවම ජන්කුක් යන්න කියලා ඔළුවෙන් සන් කරපු නිසා ලීසා හෙමින් හෙමින් ජන්කුක්ගෙ රූම් එකෙන් ගියා.

"කුකී... බඩගින්නෙද හිටියේ ???"

ටේ මූණ බෙරි කරන් අහනවා.

"මෙච්චර වෙලානම් බඩගින්නක් තිබ්බෙ නෑ.. ඒත් දැන්නම් තියෙනවා.."

ජන්කුක් ටේව ඔඩොක්කුවට ඇදලා අරන් ඔඩොක්කුවෙන් ඉන්දවගෙන ටේගෙ බෙල්ල කිස් කරන්න ගත්තා.

"කන්න කුකී..."

"බබා කෑවද ?"

"නෝප්..."

ටේ ඔළුව දෙපැත්තට වනලා හුරතල් විදිහට කියද්දි ජන්කුක් ටේ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ.

"එතකොට මට කෑම ගෙනාවෙ ඔයා නොකාද ආහ් ?? දෙන්නෙ ගුටි..."

"ඉතින් කුකි අපි දෙන්නම එකට කමු.. මන් ලොකූම ලොකු කෑම එකක් ගෙනාවෙ.. 😌"

"ආශ්.. පිස්සු කෝලම..."

ජන්කුක් ටේගෙ කොණ්ඩෙ අවුල් කරලා ටේව ඈත් කරලා නැගිට්ටා..

"බබා කෑම එක එළියට ගන්නකෝ.. මන් අත හෝදන් එන්නම් හොදේ."

ජන්කුක් රූම් එකේ තිබ්බ වොශ් රූම් එකෙන්ම අත හෝදන ගමන් ඉස්සරහ තුබ්බ mirror එකෙන් පේන ටේ දිහා බලාගෙන හිටියා.

නොදැනුවත්වම තමන්ගෙ ඇස් වලට ආපු කදුළු බින්දු දෙක ජන්කුක් පිහදාගත්තෙ තමන්ගෙ පපුව ඇදුම් කනවා වගේ දැනෙද්ද්දි.

ජන්කුක් අත් දෙකයි මූණයි හෝදගෙන ආපහු ටේ ගාවට එද්දි ටේ කෑම එක දිග ඇරන් බලන් ඉන්නවා.

"බබා... ඔයා අත හෝදන්නෙ නැද්ද ??"

"ම්හූ... කුකීනෙ කවන්නෙ මට.."

"ආ.. ඇත්තද ? කො එනවා මෙන්න මෙහාට.."

ටේහියුන්ගෙ හිනාව මුළු රූම් එක පුරාම පැතිරෙනවා. ජන්කුක් ටේට කවන ගමන් එයත් කනවා. ටේ මොන මොනවදො කියවනවා... ජන්කුක් ? ජන්කුක් ටේ දිහා වශී වෙලා වගේ බලන් ඉන්න ගමන් සැරෙන් සැරේ ඇස් වලට උනන කදුළු ටේට හොරෙන් පිහදානවා.

"බබා.. කෑම එක නියමයි හොදේ.."

"හේ හේ.."

"ඉන්න මන් අත හෝදන් එන්නම්.. ඔයා වතුර බොන්නකො හොදේ.."

"හරි..."

ටේ ජන්කුක් එක්ක ටිකක් වෙලා ඉදලා ආයෙත් ගෙදර එන්න පිටත් උනේ ජන්කුක්ට වැඩ ටික කරගන්න දෙන්න ඕනෙ හින්දා.

ටේ ගියත් එක්කම වගේ ජන්කුක්ගෙ කාමරේට කඩා පාත් උනේ යුන්ගි.

_________________________________________

Sorry For the Mistakes

&

Thank you !!!

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now