13.

784 177 15
                                    

ටික වෙලාවකින් තමන්ගෙ කෑම එක කාලා ඉවර උන ජන්කුක් කෑම පිගන් දෙකම අරන් ගිහින් අස් කරලා වතුර ටික්ක් බීලා ආයෙමත් කාමරේටම ආවා..

"එන්න අපි ටිකක් නිදාගමු..."

ජන්කුක් ටෙගෙ photo එකත් අරගෙන ඒක බදාගෙන එහෙම්මම ඇදට වැටුණා..

ටේගෙ photo එක ?? ඔව් ජන්කුක් මෙච්චර වෙලා කතා කළේ ටේගෙ photo එකත් එක්ක.

ටේගෙ photo එක බදාගෙන ඇදට වෙලා ඉන්න ජන්කුක්ගෙ ඇස් දෙක කදුළු වලින් තෙත් වෙන්න ගත්තා.

"කොහෙද මගෙ මැණික ඉන්නෙ ?? මට ඔයා නැතුව පාළුයි රත්තරනේ...."

ජන්කුක්ට පිස්සු හැදිලද ? කොහෙත්ම නෑ.. ජන්කුක් දන්නවා එයාගෙ ටේ දැන් එයා ගාව නෑ කියලා. එහෙනම් මොකක්ද මේ ජන්කුක් කරන්නෙ ? එයාගෙම හිත රවට්ට ගන්නවා වගේ වැඩක් කියලා කියන්න පුළුවන්.

එදා ටේ ජන්කුක්ට සමාව දීලා හැමදේම අලුතෙන් පටන් ගන්න හදපු දවසෙ ලීසා ඇවිත් එයා ප්‍රෙග්නන්ට් කිව්වහම ටේට බැරි උනා හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ තවත් ජන්කුක් එක්ක ඉදලා ඒ බඩේ ඉන්න පොඩි එකාගෙ අනාගතේ අදුරු කරලා දාන්න.

ඒ නිසා එදා ටේ බබාගෙ අනාගතේ ගැන හිතලා ජන්කුක්ව දාලා යන්න යනවා. මොකද ටේ ආස උනේ නෑ අප්පෙක් නැතුව දරුවෙක් හැදෙනවා බලන්න.

එදා ටේ ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් ගියාට පස්සෙ ජන්කුක් ආයි ටේව දැක්කෙ ඩිවෝස් එකට අත්සන් කරන්න ටේ ආපු දවසෙ විතරයි.

ජන්කුක් කොච්චර ටේට යන්න එපා කිව්වත් ටේ ඇහුවෙ නෑ. ජන්කුක්ට ටේ වැරදියි කියන්නත් බැහැ. මොකද ජන්කුක් හොදටම දන්නවා මේ වැරැද්ද එයාගෙම විතරයි කියලා සහ කවදාවත් හරි ගස්සන්න බැරි වැරැද්දක් කියලත්...

ඉතින් ජන්කුක් එදා ඉදන් අද වෙනකන් පසු තැවෙනවා.

ටේ ගියාට පස්සෙ ජන්කුක්ට සිද්ධ උනා ලීසව මැරි කරන්න. ජන්කුක් ලීසගෙ හස්බන්ඩ් උනේ ලොකෙට පේන්න විතරක් වෙද්දි ලීසා එයා කරපු වැරැද්ද ගැන පසු තැවෙන එකත් වැඩි උනා.

වෙඩින් එකෙන් පස්සෙ ඉදන් බබා හම්බුණාට පස්සෙත් වෙනකන් දෙන්නා නිදා ගත්තෙ වෙන වෙනම කාමර වල. කිසිම දවසක ඒ දෙන්නා සතුටින් නම් හිටියෙ නෑ.

චුට්ට චුට්ට පුංචි ජීහූ ලොකු වෙද්දි ජීහූට ඔම්මගෙ ආදරේ ඇති තරම් ලැබුණත් අප්පගෙ ආදරේ නම් එහෙමට ලැබුණෙ නැහැ. ජන්කුක් ජීහුගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න ගත්තා. ඒත් අප්පා කෙනෙක් විදිහට වෙන්න ඕනෙ හැම යුතුකමක්ම ජීහූට ජන්කුක් කළත් අප්පගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ජන්කුක්ගෙන් ජීහුට ලැබුණෙ 30% වගේ විතරයි.

ජන්කුක් ජීවත් උනේ තනිකරම මළ මිනියක් ගාණට... හැමතිස්සෙම ටේගෙ මතක එක්ක එයා හිරවෙලා හිටියා. ඒවා අතරෙ එයා ජීවත් උනා. එයා කරපු දේට පසු තැවුණා.

ජන්කුක් තමන්ගෙ ගෙදෙට්ට ටිකක් ඈතින් තවත් ගෙයක් ගත්තා. ඒක ජන්කුක් ලස්සන කළේ තනිකරම ටේගෙයි එයාගෙයි මතක වලින්.. ඒ ගෙදර හැම තැනක්ම ටේගෙයි එයාගෙයි ලස්සන photoes පිරිලා තිබ්බා. ජන්කුක් ගොඩක් වෙලාවට ඉන්න පුරුදු උනේ ඒ ගෙදර.. එයාගෙ ටේ එක්ක.. ජන්කුක්ගෙ හිතට පුදුම නිදහසක් දැනුනෙ ඒ ගෙදර ඉද්දි..

එයා ඉන්නෙ එයාගෙ ටේ එක්කනෙ... ඉතින් කොහොමද ජන්කුක්ගෙ හිතට සහනයක් නොදැනී තියෙන්නෙ... ?

එදත් අදත් හෙටත් ජන්කුක්ගෙ happy pill එක ටේහියුන්ග්ම විතරයි...

එතකොට ටේහියුන්ග්ට මොකද උනේ ? ටේහියුන්ග් හැමෝගෙන්ම ජීවිත වලින් අතුරුදහන් වෙලා ගිහින්ද ?

_________________________________________

Sorry for the Mistakes...

හෙටනම් දෙන්න බැරි වෙයි.. දවසම ක්ලාස් අප්පා... හෙට ක්ලාස් එකේ වැඩ එහෙම් පිටින්ම තුයාගෙන මේක ටක් ගාලා ටයිප් කරලා දුන්නෙ 😌❤️

අදහස් කියාගෙන යන්න හොදේ...

අද කොටසනම් එච්චර හරි නෑ.....

🥲

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now