01. කවායි!

513 73 20
                                    

මම අදත් වොලිබෝල් කෝට් එක වටේ තියෙන දැලේ එල්ලිලා එයා දිහා බලන් හිටියා. එයා හරිම හැන්ඩ්සම්.

බෝලෙ ඩිෆෙන්ඩ් කරන්න දැල ළඟ ඉදන් උඩ පනිද්දි ටී ෂර්ට් එකත් උඩ යනකොට එයාගෙ ඇබ්ස් තියෙන බඩ දිගෑදිල පේනව.

"ටෙටේ.. තව ටිකකින් බෙල් එක ගහයි.. ඔයා එන්නෙ නැද්ද?"

ජිමින් දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා. ඒත් එයා ඊළඟ මොහොතෙම මගෙන් ඈත් වෙලා බිම බලාගත්තා.

"ගුම්මෝනින් චිම්.." මං එයාගෙ කම්මුලකින් හාද්දක් තියල බලන් හිටියා එයා වෙනද වගේම කම්මුල් රතු කරගන්නකම්.

"ගුම්මෝනිම්.. මං ඊයේ කිව්ව එක ගැන එච්චර හිතන්න එපා තේ.. හරිද?"

ජිමින් කිව්වෙ කම්මුල් රතු කරගෙන.

එයා ඊයේ මට ආදරෙයි කියල කිව්ව එක ගැන වෙන්න ඇති ඔය කියන්නෙ.

"මාත් ආදරෙයි බෝලෙ" මං එවෙලෙ එහෙම කියල ඒක එච්චර දෙයක් නෙමේ වගේ මගෑරල ගියා. ඒත් මං දන්නව චිම් මොකක්ද අදහස් කලේ කියල.

"මං මොනව හිතන්නද? යං.."

මං ජිමින්ගෙ කරෙන් අතකුත් දාන් කෝට් එකෙන් එහාට යද්දි අරයා දිහාවත් බැලුවා. ඒගොල්ලො එතන ඉදියෙ නෑ. සමහරවිට ප්‍රැක්ටිස් අද කලින් ඉවර ඇති.

හොරැහින් මම දැක්කා මං ඉස්සි ඉස්සි කෝට් එක දිහා බලන විදිහ ජිමින් දකිනවා.

"ඔයා ඔච්චර එයාට කැමතිද ටේහ්‍යුන් ..?"
ජිමින් අහනවත් එක්කම බෙල් එක ගැහුවා.
එයා මට ටේහ්‍යුන් කියල කතා කරන්නෙ ගොඩක් තරහ ගියහම. ඔමෝ. තරහ ගියහම තමා මගෙ චිමී බෝලේ ගොඩක්ම කියුට්ව පේන්නෙ.

"කවායි.." මං ජිමින්ගෙ කම්මුලක් මිරිකුවා. ඒවා රත් වෙලා.

එයා මූණ අමුතු කරගෙන ඈතට දුවන් ගියා.



























































මං උදේ ක්ලාස් එකට යද්දි ටේහ්‍යුන් කොහෙවත් හිටියෙ නෑ. එයා අදත් වොලිබෝල් කෝට් එක ලග දැලේ එල්ලිලා ඇති.

මම තේව හොයන් ගියහම එයා එතන ඉදිය.

"ගුම්මෝනින් චිමී.." එයා මගෙ කම්මුලකට කිස් එකක් දුන්නා.

kawaiiWhere stories live. Discover now