10. කෝ ටේහ්‍යුන්?

149 37 4
                                    

නම්ජුන් අන්තිමට ටේහ්‍යුන්ව දැකල දැනට දවස් තුනක්. එයා හැමදාම උදේට වොලිබෝල් ප්‍රැක්ටිස් ගියත් භාගෙට ප්‍රැක්ටිස් අතරමග දාල හැමදාම යුනිෆෝම් එකට මාරු වුනේ ටේහ්‍යුන් ඇවිල්ලද බලන්න ටේහ්‍යුන්ගෙ පන්තියට යන්න.

අදත් සෑහෙන වෙලාවල් ගිහිනුත් ටේහ්‍යුන් නෑ කියල දකිද්දි නම්ජුන්ගෙ රතු කට්ට පැන්නා. නම්ජුන් ගිය දවස් කිහිපයෙම ටේහ්‍යුන් එදා හැසිරුන විදිහයි සැරෙන් සැරේ කිව්ව එක එක අමුතු කතා ගැනයි කල්පනා කලත් එයාට ලබන සතියෙ ස්කෝලෙ වෙනුවෙන් ප්ලේ කරන්න ලොකු මැච් එකක් තිබ්බ නිසා එයාගෙ කෝච් වෙනදට වඩා හැමදේම වරද්දන, මෙලෝ අවදානෙකින් නැති නම්ජුන්ව හවසට බලෙන්ම ප්‍රැක්ටිස් කෙරෙව්වෙ බැන බැන. ඊටත් හපන් කෝච් නම්ජුන්ගෙ තාත්තට මේ ගැන කියල තිබ්බ නිසා එයාගෙ තාත්තා වෙනදටත් වඩා සැර වුනා, නීති දැම්මා. ඔය ඔක්කොම කරදර අස්සෙ නම්ජුන්ට දැනුනෙ තමන්ගෙ ඔලුව පුපුරන්න ලං වෙනව වගේ වේදනාවක්.

නම්ජුන් ටේහ්‍යුන්ගෙ පන්තියෙ ජිමින්ව හෙව්වත් ජිමින් කොහෙවත් හිටියෙ නෑ. එයා හැම කෙනෙක්ගෙන්ම අහද්දි කිව්වෙ ජිමින් ස්කෝලෙ ආව කියල. ඒත් ජිමිනුත් කොහෙ හරි මගුලක මකබෑවිලා නිසා නම්ජුන්ගෙ නහර ඉලිප්පිලා තිබ්බෙ තරහට.

---

ජිමින් ලැබ් එකට ඇතුල් වුන ගමන්ම එයා පස්සෙන් ඇඹලය වගේ ආපු ජන්කුක් දොර වහන සද්දෙට ජිමින් වේගෙන් බෙල්ල හරවල බැලුව. චුට්ට වෙලාවක් කට ඇරන් බලන් හිටපු ජිමින් අන්තිමෙර් කතාකළා.

"දෙයියනේ ජන්කුක් ... මේක ස්කෝලෙ. මොනා හරි කලොත් මං කෑගහනව හරිද?" ජිමින් කියද්දි ජන්කුක් කටකොනින් හිනාවෙන ගමන් ජිමින්ගෙ ඉනෙන් අල්ලගත්තෙ ගොඩක් තදට. ජ්මින් ජන්කුක්ගෙ පපුවට අත් දෙක තියල තල්ලු කලත් ජන්කුක් ජිමින්ව මේසෙකටයි තමන්ගෙ අත් වලටයි හිර කරගත්තා.

ජන්කුක්ගෙ දරදඩු ස්පර්ශය දැනෙද්දි ජිමින් චුට්ටක් සලිත වුනත් එයා ඒක පෙන්නන්නෙ නැතුව දිගටම ජන්කුක්ව තල්ලු කලා.

"ජන්කුක් අපි යන්කො අනේ..." ජිමින් කොච්චර කිව්වත් ජන්කුක් අහන පාටක් තිබ්බෙ නෑ. එයා ජිමින්ගෙ උරහිස් වලින් අල්ලලා මේසෙන් හාන්සි කෙරෙව්වහම ජිමින්ගෙ කකුල් බිමින් ගිලිහුනා.

kawaiiWhere stories live. Discover now