04. මම ඔයාට කැමතියි

201 59 6
                                    

මම උදේම අද ස්කෝලෙට ගියා. මට ඕන වුනේ හැමදාම වගේ වොලිබෝල් කෝට් එකේ දැලේ එල්ලිලා හ්‍යුන්ග් දිහා හොරෙන් බලන් ඉන්න.

ඒත් අද ගොඩක් වෙලා ගිහිල්ලත් මම හ්‍යුන්ව තියා එයාගෙ හෙවණැල්ලක්වත් දැක්කෙ නෑ. අද එයා සමහර විට නැතුව ඇති. මම එහෙම හිතාගෙන එතනින් එන්න පිටිපස්ස හැරෙද්දිම මාව දැලට තද වුනේ කවුරු හරි මාව අත් දෙකෙනුත් අල්ලගනිද්දි.

මම එකපාරට කලබල වෙලා පියාගත්ත ඇස් දෙක අරිද්දි එතන හිටියේ හ්‍යුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම එකපාරට කලබල වෙලා පියාගත්ත ඇස් දෙක අරිද්දි එතන හිටියේ හ්‍යුන්. එයාගෙ හම දියමන්ති වගේ දිලිසුනා. සෙල්ලම් කරලම දාඩිය දාලා ඒ දාඩිය බිංදු උඩට ඉර එළිය වැටිලා. එයාගෙ එක අතක වොලිබෝලෙ තිබ්බා.

"කාවද හොයන්නෙ කියුටි?" හ්‍යුන්ගෙ වොයිස් එක හරිම ඩීප්. මට දැනුනා එයාගෙ වොයිස් එකට මගෙ ඇගේ හිරිගඩු පිපෙන විදිහ

" මම-" මට කියාගන්න දෙයක් හිතාගන්න බැරුව යද්දි එයා මගෙ ළඟටම ආවා.

එයාගෙ තොල් රෝස පාටයි. ලස්සනයි.
එයා කලේ මගෙ මූණට නැවිලා එකදිගටම මගෙ දිහාව බලන් හිටපු එක. මං හිතන්නෙ අපි ගොඩක් දේවල් කතා කලා. ඒත් මට ඒ ගැන හරියට මතකයක් නෑ. මම කට හෙලෙව්වෙවත් නෑ. ඒත් මට එයාව දැනුනා. එයාගෙ ඇස් මාත් එක්ක කතා කලා.

" මං ඔයාට කැමතියි "

මම කෝට් එක පිටිපස්සෙ තියෙන ටැප් එක ළඟට ගිහින් මූණ හෝදගන්න හැදුවත් මම දැක්කෙ දැලේ එල්ලුන පොඩි පැටියෙක්ව. මගෙ කට කොනට හිනාවක් ඇදෙද්දි ජන්කුක් මට කතා කලා

ජන්කුක් මට ඈත ඉදන් බෝලෙ පාස් කලහම මම ඒකත් අරන් අර කොල්ලා ගාවට ගියා. එයාගෙ ඇස් කාව හරි හොයනවා. කොල්ලා ගොඩක් මගන්සි වෙනවා වගේ. මගෙ ඇස් එයාගෙ ඇග පුරාම ගියා. එයාගෙ පිටිපස්ස හරිම සෙක්සි. එයා හිටියෙ ඇගෙන් හොඳට දිගෑදිලා. උඩුකය කෝට් එක දිහාවට සම්පූර්ණයෙන්ම වගේ ඇදිලා තිබ්බ හින්දා ඉන හොඳට කැපිලා පෙනුනා.

එයා එකපාරටම හැරිලා යන්න හදද්දි මම එයාගෙ හොරේ අල්ලගත්තා. මං එයාව තද කරලා අල්ලගත්තා.
ජිමින් කිව්වා වගේම එයා මට ගොඩක් කැමතියි වගේ. මට ඒක ටේහ්‍යුන්ගෙ ඇස්වලින් හොඳටම පෙනුනා. ටේහ්‍යුන්ග් ලස්සනයි. හුගක් ලස්සනයි. මම එයා තරම් ලස්සන කොල්ලෙක් දැකලම නෑ. එයාගෙ කොළ අළු ඇස්, ලස්සන නහය, දිගැටි තොල්, ඉටි වගේ දිලිසෙන හම, පිළිවෙල කොණ්ඩෙ හැම දෙයක්ම ලස්සනයි.

ඒ මදිවට එයාගෙ ඇග හැඩේට තියන් ඉන්න ඉරියව්ව. අත වැලමිට ලගින් නවලා වැලමිට ඉනේ වදින විදිහට තියන් හිටියෙ බය වෙලා වුනත් මට ඒ දේවල් ගානක් වුනේ නෑ. එයා ලස්සනයි.
මට ඕන වුනේ එයාව කාල දාන්න.

"මං ඔයාට කැමතියි " මම එයාට ඒක කිව්වා. මම දැක්කා එයාගෙ ඇස් ලොකු වෙන විදිහ. මට හිනා ගියෙ එයාගෙ කටත් ඇරුන හින්දා.

#tt

kawaiiWhere stories live. Discover now