06. පළමු හාදුව

261 59 13
                                    

මම කොච්චර උත්සාහ කළත් ටේ මාව මගාරින එක දරාගන්න මට බැරිවුනා.

" මට සමාවෙන්න ජිමින්. මට ඒක කරන්න බෑ." එයා මගෙ දිහාව බලන්නෙවත් නැතුව ඒ ටික කියල දැම්ම හැටි.. මගෙ හදවත පුංචි කෑලි සියදහස් ගානකට බිදිලා වගේ වේදනාවක් දැනෙනවා. එයා අද මාත් එක්ක ගෙදර යන්න ආවෙ නෑ. එයා ස්කෝලෙ ඉවර වුන ගමන්ම බෑග් එකත් කරේ දාගෙන හදිස්සියෙන් දිව්වා. අඩුම තරමෙ යනවා කියල යන්නවත් තිබ්බා.

මම මගේ කදුළු පිහද පිහද පාර දිගේ ඔහේ ඇවිද්දා. ටේහ්‍යුන්ගෙ අත් අල්ලන් මේ පාර දිගේ ගිය දවස් ආයෙ එන්නෙ නැති වෙවි.

මම රෝස් පොප් ශොප් එක ළඟට වෙලා හිටියෙ මගෙ රෝස මල එනකම්. මම දැනන් හිටියා ජිමින් ගෙදර යන්නෙ ඒ පාරෙන් කියල. මම කටේ ගහන් හිටිය ලොලිපොප් එක එළියට ගත්තෙ ජිමින් කඩේ පැත්තට එනවා දැක්ක නිසා. එයාව එහෙම ළඟට දකිද්දි මාව සතුටින් පිරෙනවා. එයා මාව දැක්කෙ නෑ. කෙලින්ම කඩේ ඇතුළට ඇවිදන් ගියහම මමත් ආයෙම ලොලිපොප් එක කටේ ගහගෙන එයාගෙ පස්සෙන් ගියා. ජිමින් රතුපාට ලොලිපොප් එකක් අරන් ඒකත් කටේ ගහගෙන කඩෙන් එළියට යද්දි මම එයාගෙ පස්සෙන් හොරෙන් ගියා. එයාගෙ මූණ ටිකක් තරහ ගියපු පාටයි. මොකෝ දන්නෙ නෑ.

මම ටිකක් සද්දෙට උගුර පෑදුවම එයා පිටිපස්ස බැලුවා. "කොහොමද දෝසිකෑල්ල." මම එයාට සමාන්තරව හිටගන්න ගමන් හිනාවෙලා ඇහුවා. එයා මාව ඇහුනෙ නෑ වගේ ඇවිදන් ගියා. මමත් ඇතෑරියෙ නෑ. මට ඕන වුනේ අද කොහොම හරි එයත් එක්ක කතා කරන්න. " ඔයා ගෙදරද යන්නෙ?"

"ඔව්. ඇයි?" අම්මෝ මෙයාගෙ සැර.

"ඔයා දෝසි කෑල්ලක් වුනාට හරි සැරයිනෙ?" මම එහෙම කියද්දි එය මගෙ දිහා ඔරවලා බැලුවා.

" ඔයා මොකක් හරි අව්ලකින්ද ඉන්නෙ?"මම ඇහුවෙ තව ටිකක් එයාගෙ ළඟට වෙන්න ඇවිදින ගමන්.

ජිමින් ලොකූ හුස්මක් පාත දැම්මා. එයා ලොලිපොප් එක හපන ගමන් මං දිහා බැලුවා. කියුට්!

"හ්ම්... ඔයා ඇයි එහෙම ඇහුවෙ? ඒක පේනවද" ජිමින් කට ඇද කර කර ඇහුවෙ පොප් එක තොල්වල විතරක් අතුල්ලන ගමන්.

kawaiiWhere stories live. Discover now