02. හුරුබුහුටි ඇස්, හුරතල් කටහඬ

246 58 14
                                    

අද මමයි නම්ජුන් හ්‍යුනුයි ටිකක් පරක්කු වුනා ප්‍රැක්ටිස් ඉවර වෙද්දි. හ්‍යුන් මට මුල ඉදලම දේවල් කියල දෙන නිසා අපි දෙන්නා හැමදාම වගේ මෙහෙම පරක්කු වෙනවා.

හ්‍යුන්නම් පන්තියට යන්න වොශ් දාගෙන ඇදගෙනයි හිටියෙ. මම උඩට ශර්ට් එක අදින්න ගියා විතරයි මම දැක්කා හුරුබුහුටි ඇස් දෙකක් දොරෙන් එබෙනවා. මම ආයෙත් පාරක් බලද්දි ඒ ඇස් අතුරුදහන් වෙලා තිබ්බා.

" හ්‍යුන් කවුරුත් ආවද?" මම නම්ජුන් හ්‍යුන්ගෙන් ඇහුවහම එයා අතේ තිබුණ ජෙල් පැකට් එක පැත්තකින් තියල දොර ළඟට ගියා. මට ජුනී හ්‍යුන්ගෙ කටහඬ එක්ක තව හුරතල් කටහඬකුත් ඇහුනා.

මම ඉක්මනින් ශර්ට් එකත් ඇදගෙන මගෙ ෆේස් ක්‍රීම් එකත් ගාගෙන දොර ළඟට ගියෙ කව්ද ආවෙ බලන්න.

ඕ.. එයා එයා. ඒ එයා... මගෙ දෝසි කෑල්ල. එයා නම්ජුන් හ්‍යුන් එක්ක හරි හරියට මොනවද මන්ද කියවනවා හදිස්සියෙන් වගේ එයාගෙ අතුත් එහෙ මෙහෙ කර කර මූණෙ එක එක එක්ස්ප්‍රෙශන්ස් හද හද තොල් උල් කරගෙන බර කතාවක්. මම බිත්තියට හේත්තු වෙලා දෝසි කෑල්ල දිහාව බලන් හිටියා. මට ඇත්තටම එතනට යන්න හිතුනෙ නෑ. මට හිතුනෙම මම එයාගෙ ඉස්සරහට දැන් ගියොත් ඒ හුරතල් දර්ශනේ මට මග ඇරෙයි කියල. මොකද එයා වෙනද වගේ මාව දැකල භය වෙලා දිව්වොත්!?

ටිකකින් මම දැක්කා නම්ජුන් හ්‍යුන් එයාගෙ උරහිසට පුංචි තට්ටුවක් දානවා. දෝසි කෑල්ලගෙ මූණ නිකම් තැලිච්ච දෝසියක් වගේ

මොකක් හරි ප්‍රශ්නයක්ද?

මම හිමින් ඇවිදන් එතෙන්ට ගියා.

" ඔයා දුක් වෙන්න එපා බබෝ.. මට පුංචි කාලයක් දෙන්නකො.. ඔයා මේ ඔක්කොම එක පාරටමනෙ මට ඇවිල්ලා කිව්වෙ. ඉතින් මට ඇත්තටම හිතාගන්න බැරිවයි ඉන්නෙ.. මම .. මම එයාව-"

" හ්‍යුන් මොකක් හරි ප්‍රශ්නයක්ද?" නම්ජුන් හ්‍යුන් ළඟට ගිය මම එහෙම කිව්වම එයාගෙ කතාව එහෙම්මම නතර වුනේ දෝසි කෑල්ලත් මගෙ කටහඩට ගැස්සිලා මගෙ දිහා කටත් අරන් බලනකොට.
එයා ඇසුත් ලොකු කරන් එහෙම බලන් ඉද්දි නම් හරිම කියුට්.

"කවුද හ්‍යුන් මේ .." මම පපුවට අත් දෙකත් බැදන් ඒක ඇහුවෙ මගෙ දෝසිය දිහාව හොරෙන් බලන ගමන්

එයා බලනව ඇති හැමදාම එක එක එව්ව කියල විහිලු කරන මම ඇයි එයාව දන්නැ වගේ හැසිරෙන්නෙ කියල.

කරන්න දෙයක් නෑ මන් ආසයි එයාට තරහ යනවා බලන්න.

" ආහ් .. මේ ජිමින් ...

පොඩ්ඩක් ඉන්න..

මේ ජිමින් අර ඔයා හැමවෙලේම කියුට් කියල මැරෙන්න හදන පිරිමි ළමයා නේද?" හ්‍යුන් එකපාරටම ඇහුවා. ගම කෑවනෙ ඉතින්

" හ්‍යුන්ගි මම යන්නම්.." ජිමින් බිම බලාගෙන එහෙම කිව්වා. ඇයි එයා මගෙ දිහා බලන්නෙ නැත්තෙ?

" අ... හ-" නම්ජුන් හ්‍යුන් කියන්නත් කලින් ජිමින් දුවලා ගියා.




______________________________________

යා... අර ජෝන් ජන්කුක් නම් මහ පිස්සෙක්! මම එහෙම හිත හිතම පන්තියට ගිහින් වාඩි වුනා. ටේ හිටියෙ නෑ පන්තියෙ. මම ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගෙන කල්පනා කරන්න ගත්තේ ජන්කුක් ගැන. ඇයි එයා හැමවෙලේම මට එක එක විහිලු කරන්නෙ?? යා... එයා මාව අවුස්සනවා.

දවසක්..

"ආ.. බබී" මම කොරිඩෝවෙ ඇවිද ඇවිද ඉද්දි ජන්කුක් ඇවිල්ලා මගෙ ඉනවටේ අත් ඔතාගෙන කනට ළං වුනා. ඒ වෙලේ එයාගෙ ඩීප් වොයිස් එකයි ඒක කියද්දි මගෙ කම්මුල්වල වැදුනු හුස්මයි මට හොඳට මතකයි. ඒක අමුතුම හැගීමක්!

එතකොට අද සිද්ද වුන දේ...

ඇයි එයා මන් කියුට් කියල කියන්නේ?අද ජියෝන් මැඩමුත් ඒක කිව්වනෙ. එයා ඇයි හැමෝම එක්ක මන් ගැන කියවන්නෙ?

ආශ් මට පිස්සුද මන්දා ඒ මොට්ටයා ගැන හිත හිත ඉන්නෙ.

මම කල්පනා කර කර ඉද්දි කවුරු හරි ඇවිල්ලා මගෙ උරහිසින් අතක් තිබ්බා. මම පිටිපස්ස හැරිලා බලද්දි එතන හිටියෙ ටේ.

" ජිමින් මම හැමතැනම ඔයාව හෙව්වා. කොහෙද ගියෙ?" ටේ ඇහුවෙ මගෙ ළඟින් ඉදගන්න ගමන්. එයා මගෙ ඇස් දිහාම කෙලින් බලාගෙන ඉන්නවා. කොහොමද මම ඒ ඇස් දිහා බලන් බොරු කියන්නෙ? මම බිම බලාගත්තෙ එයාට වෙනසක් නොදැනෙන්න.

"මම මේ... "












#tt

kawaiiWhere stories live. Discover now