12. එක හුස්මක්

56 14 1
                                    

" කාලකන්නියා ඇරපන් දොර මගෙන් මැරුම් නොකා.. " ටේහ්‍යුන්ගෙ ඇස්වලින් එක දිගට කදුලු කැට වැටෙද්දි එයා එක පාරක් නම්ජුන් දිහා අසරණ පාටට බලල මොකක් හරි ලොකු බර දෙයක් නම්ජුන්ගෙ ඇගට දාලා නම්ජුන්ව එතන දාලා ගියා. නම්ජුන් හිටියෙ ඉහින් කනින් දාඩිය දාන ගමන්. පල්ලෙහායින් ඇහෙන අර මනුස්සයගෙ පරුස වචන එන්න එන්නම වැඩි වුනේ ටේහ්‍යුන්ග් වෙනදට වඩා එයාට දොර අරින්න වෙලා ගිය නිසා.

" ඇරපන් බල්ලො දොර!! " ටේහ්‍යුන්ගෙ තාත්තා හයියෙන් පාරක් දොරට ගැහුවෙ එයාගෙ කකුලෙන්. කකුල් දෙකට පණ අරන් වේගෙන් පල්ලෙහට දුවපු ටේහ්‍යුන් ඉක්මනින් දොර ඇරියත් ඒ සැනින්ම එයාගෙ බෙල්ල හිරවුනේ එයාගෙ තාත්තගෙ දරදඩු අතකට. ටේහ්‍යුන්ග් සාලෙ මැද්දෙ සෝෆාව ළග බිම වැටුනෙ එයාගෙ තාත්තා තල්ලු කරපු විදිහ ගොඩක් නරක නිසා. ටේහ්‍යුන්ගෙ හුස්ම වැටෙන වේගෙ කලින්ටත් වඩා වැඩි වුනේ එයාට වෙනද වගේම බයක් දැනෙද්දි. ඊටත් වඩා නම්ජුන් ඒ ගෙදර ඇතුලෙ ඉන්නව කියල මතක් වෙද්දි එයාට සිය දහස් ගුණේකින් ඒ බය දැනෙන්න පටන් ගත්තා.

" මොකක්ද තිරිසනෝ උබ කලේ ඔච්චර දාඩිය දාන්න තරම්... ආආඅහ්!!" ටේහ්‍යුන්ගෙ තාත්තා අන්තිමට යටිගිරියෙන් කෑගැහුවෙ එයාගෙ කකුලෙන් සෝෆා එකට ගහන ගමන්.

මේ සද්දෙ ඇහෙන නම්ජුන් හිටියෙ එයාගෙ ඔලුව පිස්සු වැටිලා වගේ. නම්ජුන් එයා ඉන්න තැනින් නැගිටින්න හැදුවෙ ටේහ්‍යුන්ග් කියපුව මතක් කරගෙන වුනත් අර ලොකු සද්දෙත් එක්ක එයා ටේහ්‍යුන්ට කරදරයක්ද කියල සෑහෙන්න වද වුනා.

කොහොම වුනත් නම්ජුන්ට එතනින් එලියට යන එක ලේසි වුනේ නෑ. ටේහ්‍යුන්ග් මොකක් හරි උස්සන්න බැරි බර දෙයක් නම්ජුන්ව බිත්තියයි ඒ දේයි අතරට හිරවෙන්න තල්ලු කරල ගිහින් තිබ්බා. නම්ජුන්ට හිතෙන විදිහකට අතක්වත් හොල්ලගන්න බැරි විදිහට එයා හිරවෙලා හිටියා. පහලින් ඇහෙන ඒ වචනයි ටේහ්‍යුන්ගෙ ඇඩිල්ලයි එක එක සද්දයි නිසා නම්ජුන් ගොඩක් කලබල වෙලා හිටියත් එයාට අන්තිමේ හැම උත්සාහයකින්ම පස්සෙ දැනුනෙ හුස්ම ගන්නත් අමාරුයි වගේ. එයා එක හුස්මක් ගන්න පුදුම වෙහෙසක් දැරුවා.

අන්තිමේ එයා කොහොම හරි ලොකු සද්දයක් එක්කල ඒ ඔක්කොම පෙරලන් අමාරුවෙන් හිටගත්තා. නම්ජුන්ට හොදටම විශ්වාසයි එයාගෙ සද්දෙ පහලට ඇහුනා කියන එක.

මේ අතරෙ ටේහ්‍යුන්ග් ඒ සද්දෙත් එක්ක ගැහෙන්න පටන් ගත්තෙ නම්ජුන්ට මොකක් හරි කරදරයක් වෙයි කියල බයෙන්. එයා එහෙම කල්පනා කර කර ඉන්නකොට එයාගෙ තාත්තා බෙල්ල පිටිපස්සෙ දිගට වැවුනු කොන්ඩෙන් තද කරල අල්ලන් ටේහ්‍යුන්ග්ව නැගිට්ටෙව්වා. කොහොමත් හරිහමන් කෑමක් ඇගට නොලැබුනු නිසා පණක් නැති ටේහ්‍යුන්ග් ඇදිලා ආවෙ පරඩැලක් වගේ.

" කව්ද ඒ.. කව්ද උඩ ඉන්නෙ කියපන්.. මොකාවද ගේ ඇතුලෙ දාගෙන ඉන්නෙ කියපන්.."

"ක..කවුරුත් නෑඅ.." ටේහ්‍යුන්ග් අඩන ගමන් කිව්වා

" කව්රුත් නෑ.? හහ් හැබැයි මොකෙක් හරි හිටියොත් දැනගනින් මම උබව මරනවා.. " එහෙම කියපු ටේහ්‍යුන්ගෙ තාත්තා ටේහ්‍යුන්ග්ගෙ වම් අතේ උඩින් තද කරලා අල්ලන් ටේහ්‍යුන්ග්ව පඩිපෙල දිගේ උඩ පෙට්ටි කාමරේට ඇදගෙන ගියා. මොකක් වුනත් නම්ජුන් හිටියෙ ගැහෙන ගමන්. එයාට ටේහ්‍යුන්ග් කිව්ව දේවලුයි දැන් අර මනුස්සයගෙ මරන කතාවයි මතක් වුනාම එයාට හිතුනෙ කොහෙම හරි හැංගෙන්න ඕන කියන එක විතරයි. ටේහ්‍යුන්ග් එයාව හංගල ගිය තැනම තව එක විනාඩියක් හිටියා නම් කියල නම්ජුන්ට හිතුනා.

නම්ජුන් උඩබිම බලද්දි එයා දැක්කෙ වහලෙ තියෙන බාර් එකක් වගේ යකඩ පොල්ලක්. නම්ජුන් දෙපාරක් හිතන්නෙ නැතුව ඒකෙ එල්ලිලා වහලට සමාන්තරව හිටියා. එක මොහොතකට වහලෙ කැඩෙයිද කියල නම්ජුන්ට හිතුනත් එයා හුස්ම ගන්නෙ නැතුව එයාගෙ කකුල් තද කරන් ඒකෙ එල්ලුනා.



.



kawaiiWhere stories live. Discover now