11. හුස්ම

62 14 1
                                    

නම්ජුන් හිටන් හිටියෙ පෙට්ටි දෙකක් එක උඩ තියල වගේ හදල තිබ්බ ගෙදරක් ඉස්සරහ. ඒක ගොඩක්ම පොඩියි. ඉස්සරහ භාගෙට මැරුන මල් පැල වගයක් තිබ්බා. උඩ තට්ටුවෙ කොල පාටින් සරුවට වැව්නු පැළ ගොඩකින් ඒ බැල්කනිය වැහිලා තිබ්බා. හරියට උඩ තට්ටුවෙ විතරක් ජීවය තියෙනව වගේ.

නම්ජුන් ගැබුරු හුස්මක් ගත්තට පස්සෙ ගෙදර දොර ඉස්සරහ හිටගෙන හරිම අමුතු සද්දයක් එන බෙල් එක එබුවා. එයා කීප සැරයක් ඒක කරද්දි එයා බලාපොරොත්තු වුන විදිහටම වගේ ටේහ්‍යුන්ග් දොර ඇරිය. ඒත් නම්ජුන්ගෙ හිතේ ඇදුන ටේහ්‍යුන්ගෙ රූපෙ එතන තිබ්බෙ නෑ.

ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ලොකු වෙලා තිබ්බෙ පුදුමෙන්. එයාගෙ දකුණු අත දොරේ හැන්ඩ්ල් එකට නොසෑහෙන්න තද වෙලා තිබුනා.

නම්ජුන් ටේහ්‍යුන්ග්ව බදාගනිද්දි ටේහ්‍යුන්ග් ගැස්සුනා. නම්ජුන්ට දැනුනා ටේහ්‍යුන්ව එයා අන්තිම පාරට දැක්කට වඩා කෙට්ටු වෙලා තියෙන බව.
"මෙහෙන් යන්න.." ටේහ්‍යුන්ග් මිමිණුවා. ටේහ්‍යුන්ගෙන් ඈත් වුන නම්ජුන් අඩ අදුරෙ පේන ටේහ්‍යුන්ගෙ මූණට එබුනා. " ටේ.."

"මෙහෙන් යන්න... " ටේහ්‍යුන්ග් ආයෙම සැරයක් කිව්වෙ ඇඩුම් ස්වරයෙන්. නම්ජුන් ටේහ්‍යුන්ගෙ අත් දෙක අල්ලන් ලොකු හුස්මක් ගත්තා. " ටේහ්‍යුන්ග් මේ අහන්නකො.. ඔයාට මාව හොදටම විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්. මට කියන්න මොකක්ද ප්‍රශ්නෙ? මට කියන්න එක පාරක්.. මම පොරොන්දු වෙනවා මගෙ ජීවිතේ පරදුවට තියල හරි ඔයාව මම සතුටින් තියන්නම්.."

නම්ජුන් හුස්ම අතරින් කෙදිරුවත් ඒ ඔක්කොම ටේහ්‍යුන්ග්ට ඇහුනෙ හීනෙන් වගේ. එයාගෙ ඇස් එක විදුලි පහන් කණුවක් දැල්වෙන ඈත පාර දිගාවට දිහාවට යොමු වෙලා තිබ්බා. තත්පර කිහිපයකින් ටේහ්‍යුන්ග් නම්ජුන්ව පපුවට අත තියල තල්ලු කළේ එයාට යන්න කියන්න. ඒත් ටේහ්‍යුන්ග්ට නම්ජුන්ගෙ හයිය එක්ක හැප්පෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ස්පෝර්ට්ස් කරලම නම්ජුන්ගෙ ඇග ශක්තිමත් වෙලා තිබුණා..

මොන දේ වුනත් නම්ජුන් දිගටම ටේහ්‍යුන්ග්ව අල්ලන් හිටියා. එයා හොදටම කලබල වෙලා ඉන්න ටේහ්‍යුන්ග් දිහා සාවදානෙන් බලන් හිටියා.

" ටේහ්‍යුන්ග්..."

"එයා එනවා... අනේහ්..." ටේහ්‍යුන්ග් කන් රතු කරගෙන අඩන්න පටන් ගත්තා. ටේහ්‍යුන්ග් තත්පර කීපයක් කල්පනා කලාට පස්සෙ නම්ජුන්ට හිතන්නවත් වෙලාවක් නොදී නම්ජුන්ගෙ අතින් ඇදන් ගෙදර ඇතුලට දිව්වා. නම්ජුන් කරන්න දෙයක් නැති තැන සද්ද නොකර ටේහ්‍යුන්ග් පස්සෙන් ගියත්
ටේහ්‍යුන්ගෙ අඩි සද්දෙ විතරක් ඒ ගෙදර ඇතුලෙ ලොකු සද්දෙකින් දෝංකාර දුන්නා.

එයාලා ලීවලින් හදලා තිබ්බ පුංචි පඩිපෙලක් පහුකරන් පෙට්ටියක් වගේ තිබ්බ කාමරේකට ආවට පස්සෙ ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙ අත අත ඇරලා හුස්මක් ගත්තා. ඒත් එයාට හුස්ම එන්නෙ නෑ වගෙයි නම්ජුන්ට පෙනුනෙ..
" ටේ.. මුලින්ම ඔයා හොඳට හුස්ම ගන්න ඕනා.."

ටේහ්‍යුන්ගෙ උරහිස්වලින් අල්ලන් නම්ජුන් කිව්වත් ටේහ්‍යුන්ග් කාමරේ වටපිට බලන ගමන් මොනව හරි හොයමින් හිටියා.

" එන්න.."

" අහ්.." ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙ අතින් ඇදන් ගිහින් එයාව ලොකු රෙදි ගොඩක් ළග බිම ඉන්දවලා නම්ජුන්ව ඒ රෙදි වලින් වහන්න ගත්තා..

" මොකක්ද මේ කරන්නෙ..ටෙ-"

"ශ්ශ්ශ්.." නම්ජුන් මහ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තත් ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙ ලොකු කට එයාගෙ පොඩි අත් දෙකෙන්ම වහලා නම්ජුන්ගෙ ඇස් වලට ගොඩාක් ළං වුනා.. ටේහ්‍යුන්ගෙ නොසන්සුන් උණුසුම් හුස්ම වල පහස නම්ජුන්ගෙ කම්මුල්වලට ඕනවටත් වඩා දැනෙන ළගින් එයාට ටේහ්‍යුන්ගෙ ඇස් පෙනුනා.

" මම එනකම් සද්ද නොකර ඉන්න.. ඔයාට මොන දේ ඇහුනත් එලියෙ මොන දේ වුනත් මෙතනින් එලියට එන්න හිතන්නවත් එපා..." ටේහ්‍යුන්ග් ආයෙම හති දැම්මා.

" පැටීඊයෝඔ...."
ඒක කවුරු හරි මිනිහෙක් තාලෙට කෑගහන සද්දයක්. ඔව් ඒ බීපු මිනිහෙක්. නම්ජුන් ඇස් දෙක ලොකු කරගත්තෙ එයාට මොකුත්ම හිතාගන්න බැරුව යද්දි..




kawaiiWhere stories live. Discover now