05. ජිමින්ගෙ ඉල්ලීම

221 57 13
                                    

අපිට අදත් සංගීත පීරියඩ් එක තිබ්බෙ ප්‍රධාන ශාලාවේ. ජිමින් මගේ අතින් අල්ලගෙන හිනාවෙවී ඉස්සරහට ඇවිදන් ගියා. මට එයාට උදේ නම්ජුන් හ්‍යුන්ග් එක්ක වුන දේ කියන්න ඕන වුනත් මම නොකියා හිටියේ එයා අව්ල් ගනියි කියල හිතලා. ජිමින් මම හ්‍යුන්ග් දිහා බැලුවත් දුක හිතන එකේ අද එහෙම දෙයක් වුනා කියල කිව්වොත් මොන වගේ හැසිරෙයිද කියල මට හිතාගන්න බෑ.

" ටෙටේ මොනවද අනේ ඔයා කල්පනා කරන්නෙ?" ජිමින් මගෙන් ඇහුවෙ එයාගෙ පුංචි ඇගිලි මගේ ඇඟිලිකරු අස්සෙන් යවන ගමන්. ජිමින් මගේ මූණට එබෙනවා. එයා ළඟ සුවදයි. මම එයාව අනික් අතින් ටිකක් එහාට කළා.

" මුකුත් නෑ.."

අපි ගිහින් පාඩමට වාඩි වුනා. ටීචර් භාගයක් උගන්නගෙන යනකොට අදත් එතෙන්ට කඩාපාත් වුනේ වොලිබෝල් ගහන සෙට් එක. එතන නම්ජුන් හ්‍යුනුත් ඉන්නවා දැක්කම මට දැනුනෙ මගෙ මුළු ඇඟම වෙව්ලලා යන විදිහ.

" ටෙටේ අන්න.." ජිමින් මගේ අතට තට්ටුවක් දැම්මෙ නම්ජුන් හ්‍යුන්ග්ව පෙන්නන ගමන්.

" ම්ම්.." මම ගානක් නෑ වගේ හැසිරුනා. ඒත් මගෙ ඇස් විටින් විටේ මගෙ දිහා බලන් ඉන්න හ්‍යුන් දිහාව බලන එක නැවතුනේ නෑ.

පාඩම ඉවර වුනහම පීරියඩ් එක ඉවර වෙන්නත් කලින් ටීචර් අපිට පන්තියට යන්න කිව්ව හින්දා මම ජිමින්වත් ඇදන් ඉක්මනට එතනින් ආවා.

"මොකද අනේ වෙලා තියෙන්නෙ හිමින්ට යමුකෝ" ජිමින් මම වේගෙන් යනවා වැඩි නිසා කිව්වෙ කටත් බෙරිකරගෙන.

" හ්ම්.." මම වටපිට බලලා කිව්වෙ හ්‍යුන්ග් දැන් පේන තෙක්මානෙක නැති හින්දා. ඒ වුනාට මාව එකපාරටම ගැස්සිලා ගියේ ජිමින්ට වඩා ලොකු අතක් මගෙ අතින් අල්ලගත්තා කියල දැනෙනකොට. එතන හිටියෙ නම්ජුන් හ්‍යුන්ග්. එයා මගේ දිහා එහෙම ළඟින්ම ඉදන් බලන් ඉන්නකොට උදේ වුන දේ මට මතක් වුනා.

හ්‍යුන්ග් එයාගෙ අතේ තිබ්බ කොළ කෑල්ලක් මගේ අතින් ගුලිකරලා ඔලුව වනන ගමන් යන්න කියල කියද්දි මම ජිමින් දිහාව බැලුවා. එයා හිටියේ පුදුම වෙලා. මම හොල්මන් වෙලා බලන් ඉන්න ජිමින්ගෙ අතින් අල්ලන් ඉක්මනින් දුවන්න ගත්තා. මට එතන ඉන්න ඕන වුනේ නෑ. ජිමින් වචනයක්වත් කියන්නෙ නැතුව මාත් එක්ක පන්තියට එනකම්ම දුවන් ආවා.

kawaiiWhere stories live. Discover now