16. පැනල යමු

57 13 1
                                    

ආයෙමත් දවස් පහකට පස්සෙ නම්ජුන් හිටියෙ ඒ පෙට්ටි දෙකක් වගේ ගෙදර ඉස්සරහ. එයාගෙ අත් කකුල් වෙලුම් පටි වලින් බැදල තිබ්බා. එයාගෙ තොල අගක් පැලිලා ලේ කැටිගැහිලා තිබ්බා. නම්ජුන් බලන් හිටියෙ පාරෙ එහා පැත්තට වෙලා ටේහ්‍යුන්ගෙ තාත්තා එනකම්.

ටේහ්‍යුන්ගෙ තාත්තා ගෙදර දොර ළගට ආවහම නම්ජුන් හිටපු තැන තිබ්බ ඒ කණුවට හේත්තු වුනේ එක කකුලක් නවාගෙන කණුවෙන් තියන ගමන්.

ටේහ්‍යුන්ගෙ තාත්තා ඇතුලට ගියත් කිසි සද්දයක් තිබ්බෙ නෑ..

.

.

.

.

.

ටේහ්‍යුන්ග් හිටියෙ එයාගෙ තුවාල වලට බෙහෙත් දාන ගමන්. බඩේ තිබ්බ පිලිස්සුම් තුවාලෙ පරිස්සමට පුලුන් කෑල්ලකින් පිහදපු ටේහ්‍යුන්ග් වේදනාවට ඇස් දෙක තද කරගත්තා.

එදා නම්ජුන් ආව දාට පහුවදා ටේහ්‍යුන්ග්ට සිද්ද වුනා කවදාවත් ගුටිකාල නැති විදිහට ගුටි කන්න. එයාගෙ තාත්තා එදා තරම් දරුනු වුන වෙන දවසක් ටේහ්‍යුන්ට මතක තිබ්බෙ නෑ. තිබුණ බෙහෙත් ක්‍රීම් එකක් ගාගෙන බෙහෙත් දාන එක ඉවර කරපු ටේහ්‍යුන්ග් එයාගෙ බඩ වටේට සුදු පාට පටියක් ඔතාගත්තා.

ඒත් එක්කම ටේහ්‍යුන්ග් බය වුනේ ජනේලෙ ගාවින් ඇහුනු ලොකු සද්දෙට. එතන හිටන් හිටපු කෙනා දැකල ටේහ්‍යුන්ගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා. ඊට වඩා පුදුමෙකින් ඒ ආපු කෙනාගෙ ඇස් ගැස්සුනේ ටේහ්‍යුන්ගෙ තුවාලෙ දැකල

"හ්‍යුන්ග්.."

"ශ්ශ්ශ්'' ජනේලෙන් කාමරේ ඇතුලට පනින ගමන් හිටපු නම්ජුන් දබර ඇගිල්ල තොල් මත තියල ටේහ්‍යුන්ග් ට සද්ද කරන්න එපා කියල ඉගි කලා.

ඒත් එක්කම පහලින් ආපු සද්දෙත් එක්ක ගැස්සුන ටේහ්‍යුන්ග් බය වුනේ එදා වගේම මොකක් හරි වෙයි කියල වුනත් නම්ජුන්ගෙ අත්වලයි තොල කොනයි තුවාල වෙලා තියෙන විදිහ දැක්කම ටේහ්‍යුන්ග්ට තවත්බය හිතුනා.

''කොල්ලෝ..''

පල්ලෙහයින් තාත්තා කෑගහද්දි ටේහුන්ග් ආයෙම පාරක් ගැස්සුනා. ටේහ්‍යුන්ග් ළගට ආව නම්ජුන් ටේහ්‍යුන්ග්ගෙ අතකින් අල්ලගත්තා.

''යන්න. ගිහින් ආයෙම මෙතනටම එන්න. ඉක්මනට යන්න එයාට සැක හිතෙයි''

ඒත් එක්කම ටේහ්‍යුන්ග් දුවල ගියෙ ඉස්සෙල්ල පාර එයා දොර අරින්න පරක්කු වුන නිසා සිද්ද වෙච්ච දේ මතක් වෙද්දි.

ටේහ්‍යුන්ග් පහලට යද්දිත් එයාගෙ තාත්තා හිටියෙ ගෙදර ඇතුලෙ සැටිය උඩ දිගාවෙලා.
'' උබ අද මාර ලස්සනයිනෙ''

තාත්තා හිනාවක් එක්ක කියද්දි ටේහ්‍යුන්ග් එයාගෙ දිහාම බැලුවා. එයා ඇදන් හිටියෙ එයාට තිබුන ලස්සනම ඇදුම. ඒක සුදු පාටයි. ටේහ්‍යුන්ග්ට වඩා දෙගුනයක් ලොකු කමිසයක් ඒක ඒ හින්දම ඒකෙන් ටේහ්‍යුන්ගෙ පපුවෙ භාගයක්ම නිරාවරනය වෙලා තිබුනා. ටේහ්‍යුන්ගෙ කමිසෙන් ඇද්ද ටේහ්‍යුන්ගෙ තාත්තා ටේහ්‍යුන්ග් ළගට ආව වෙලේ ටික වෙලාවක් ඒ මුහුන දිහා බලන් ඉදල ටේහ්‍යුන්ව ළගින් ඉන්දවගත්තා.

ඊට පස්සෙ ටේහ්‍යුන්ගෙ තාත්ත දුහුල් කමිසෙ නිසා නිරාවරනය වෙලා තිබ්බ ටේහුන්ගෙ පපුව අතගෑවෙ ඒ හිනාවෙන්මයි.

ටේහ්‍යුන්ගෙ පපුවෙ දකුණු කෙළවරකට වෙන්න පුංචි උපන් ලපයක් තිබුනා. ඒක එයාට ලැබිලා තිබ්බෙ එයාගෙ අම්මගෙන්. ඉතින් ඒක දැක්කහම තාත්තට අම්මව මතක් වෙන්න ඇතියි කියල ටේහ්‍යුන්ග් හිතුවෙ කාලෙකට පස්සෙ ඒ මලානික මූනෙ තමන්ගෙ පපුව දකල හිනාවකින් සැරසිලා තිබ්බ නිසා.

ඉතින් වෙනද වගේම ටේහ්‍යුන්ගෙ තාත්තා ගැඹුරු නින්දකට වැටෙද්දිම වගේ ඒ අත තමන්ගෙ ඇගෙන් අයින් කරපු ටේහ්‍යුන්ග් කාමරේට දිව්වෙ කදුලු පිහන ගමන්.

ටේහ්‍යුන්ග් කාමරේට යද්දිත් නම්ජුන් හිටියෙ නියපොත්තක් හපන හපන ගමන්. එයා ටේහ්‍යුන් එයා ලගට ආව ගමන්ම තද කරලා බදාගත්තා.

''අපි පැනල යමු''

නම්ජුන් ටේහ්‍යුන්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වා. ඒත් විදුලි වේගෙන් වගේ නම්ජුන්ගෙන් ඈත් වුන ටේහ්‍යුන්ග් නම්ජුන්ගෙ ඇස් දිහා කෙලින් බැලුවා

'' බෑ .. කොහෙත්ම බෑ..''







.

.

kawaiiWhere stories live. Discover now