Chapter 08

849 194 26
                                    

Chapter 08_

Not mine _
______________________________

හිතට ආපු ප්‍රශ්නෙ අහනවද නැද්ද කියලා කැබින් එකෙ දොර ලගට වෙලා හිත හිත හිටපු සොහා දාන් හිටපු බෑග් එකෙ පටියත් තද කරලා අල්ලගන්න ගමන් ලොකු හුස්මක් අරගෙන ඇතුලට ගියෙ ඒක අහලම යනවා කියලා තමන්ගෙ හිතටම දෙතුම් පාරක් කිය කිය...

ආයිමත් එයා ගැන කතා කරන්න එපා ටේහි!!
එයා කැමති නෑ ඔයා ලගට එන්න...!!
දැන් ඇති...ඔයා පොරොන්දු වුනා මතකයිනෙ එයා අකමැති වුනොත් ආයිමත් ඒ ගැන කතා කරන්නෙ නෑ කියලා...
ටේහි..තෙරුංගන්න අපිට බෑ එයාව බලෙන් ගෙන්න ගන්න ...තෙරුනාද??
ඔය අඩන එක නවත්වන්න මුලින්ම...මං තියනවා..

කොල්ලා හිටියෙ ෆොන් එකෙන් ටේහිට කතා කරන ගමන්...
ටේහි ඉකි ගහන කොට කොල්ලට සොහා එක්ක තිබ්බ තරහා තව ටිකක් වැඩිවුන එක විතරයි වුනෙ...
රළු කටහඩකින් ම කතා කරපු කොල්ලා ටේහිව සනසන්න ගොඩක් මහන්සි වුනත් කොල්ලට ටේහිව සන්සුන් කරන්න බැරි පාටයි...
Glasswall එකෙන් එලියෙන් පෙන ඇතට විහිදුන සොල් නගරය දිහා බලාගෙන හිටපු කොල්ලා පිටිපස්ස හැරෙනකොට දැක්කෙ තමන් දිහා පුදුමෙන් බලාගෙන ඉන්න සොහාව...

ඒ ටේහි..ද?
කෙල්ල තාමත් හිටියෙ බෑග් එකෙ පටිය හයියෙන් අත් වලින් තදකරගෙන...
සොහා දිහා පොඩිවෙලාවක් බලාගෙන හිටපු කොල්ලා කතා කරෙ තාමත් කනෙ තිබ්බ ෆොන් එක පැත්තකින් තියන ගමන්...
කොල්ලගෙ මුනෙ තිබ්බ තද ගතිය මෙ වෙලාවෙ ඕනවටත් වඩා කැපිලා පෙනුනා...ඒ කෙල්ල එක්ක තිබුන තරහටම වෙන්න ඇති...

මොකටද ආයිමත් ආවෙ...බයවෙන්න එපා ආයිමත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ මගෙන්...දැන් ගියොත් හොදයි...
කෙල්ලගෙන් තමන්ගෙ රළු බැල්ල අයින් කරන්නෙ නැතුවම කොල්ලා කතා කරෙ අත් දෙක සාක්කු දෙකට දාගන්න ගමන්...

මට...එයාට කතා කරන්න පුළු..වන්ද?
කොල්ලගෙ දිහා බලාගෙන කෙල්ල ඉල්ලුවෙ හරි අහිංසක විදියට...

කාටද...??
එත් කොල්ලගෙ නපුරු හිත ඒ අහිංසක කමට හොල්ලන්වත් බැරිවුනා...
තාමත් තද නපුරු කටහඩකින් කතා කරපු කොල්ලා දිහා ටිකක් පුදුමෙන් බලපු කෙල්ල ආයිමත් කතා කරන්න පටන්ගත්තෙ කොල්ලා දිහා තවත් අසරණ විදියට බලන ගමන්...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Där berättelser lever. Upptäck nu