Chapter 11

849 188 16
                                    

Chapter 11_

Not mine _
_______________________

Time passed..

Author pov,

ම්ම්..සොහා ඔයාමද මේවා හැදුවෙ..??
ජිමින් පුදුමෙන් අහනකොට අනිත් කොල්ලො ටිකත් බලන් හිටියෙ සොහා දිහා...

ඔව්..ජින් ඔප්පත් උදව් කරා..

වාව් මරු...ඇත්තටම පට්ට රසයි කෑම ටික නං..
ටේයුන්ත් සොහා දිහා බලන් හිනාවෙවි කියනකොට සොහාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනෙ කට්ටිය බලාගෙන ඉද්දිමයි...

ආහ්.. thank you ඔප්පා..!!

මංනං අද ඉදලා හැමදාම මෙහෙ එනවා අපෙ නැනගෙ කෑම කන්න...
මට හදලා ඕන හරිද..??
ජිමින් ටේයුන්ටත් ඇඇක් ගහලා කියනකොට ටේයුන් පවා සොහා දිහා බලන් ඔළුව වැනුවෙ මෙසෙ වාඩිවෙලා හිටපු අනිත් කොල්ලො තුන්දෙනාගෙ මුනෙත් පුංචි හිනා රැල්ලක් ඇදෙනකොට....

හරි හරි මං හදලා දෙන්නංකො...

කෑම මෙසෙ ජංකුක් ඇරෙන්න අනිත් හැමොම හිටියා...සොහාගෙ හිත කලබල කරෙ ජංකුක් තාම නැත්තෙ ඇයි කියන එක..
එතකොටම ෆුල් කිට් එක ඇදලා ජංකුක් පහලට ආවෙ අතෙ වොච් එක බදින ගමන්...

හියුන්..!! මං යනවා..ඔයාලා අද මෙ ඉන්නවද..නැත්තං..??
ජංකුක් සොහාව ගනනං දැක්කෙ නැති ගානට කතා කරනකොට නම්ජුන් කතා කරන්න පටන් ගත්තෙ සොහා බිම බලන් ඉන්න කෙල්ල දිහාත් බැල්මක් දාන ගමන්...

ජිනුයි මායි හොබි අද ඉදලා හෙට ආයිමත් යනවා කොල්ලො..මුන් දෙන්නා නං තව ටික දවසක් ඉදි..
නම්ජුන් කියනකොට ජංකුක් බැලුවෙ හැන්දත් කටෙ ගහන් අහිංසක විදියට බලන් ඉන්න ඩබල දිහා...

මොකද ඔහොම බලන්නෙ..?? ඔය හදන්නෙ අහිංසක මූන දාලා මෙහෙ නවතින්නං..කොහෙත්ම බෑ..
ජංකුක් රවලා කියනකොට ජිමින්ගයි ටේයුන්ගෙයි මුන මැලවිලා ගියෙ කොල්ලා බලාගෙන ඉද්දිමයි...

අපො බං..ඔහොම කරන්න එපා ඉතින්..කලෙකින්නෙ සෙට් වුනෙ..
ටේයුන් කට හද හද කියනකොට ජංකුක් කටකොනින් හිනාවුනෙ හැමදාමත් හම්බෙන ඩබල මොකටද මෙ බොරුවට කෙදිරි ගාන්නෙ කියලා හිතන ගමන්...

කාලෙකින්...!! උබගෙ ඔළුව කොහෙ හරි වැදුනද..??

හරි හරි ඉතින් හැමදාම හම්බුනාට බං කාලෙකින්නෙ මෙහෙම සෙට් වුනෙ..!!

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now