Chapter 25

822 181 26
                                    

Chapter 25_

Not mine _
__________________________

Author pov,

දුව මෙතනින් වාඩිවෙන්නකො...
සොහා අපිට බොන්න මොනවහරි අරන් එන්න...!!
මිසිස් ජියොන් ජිසොට සොෆා එක පෙන්නනකොට ජිසො හිනා වෙවිම ඇවිත් කකුලක් පිට කකුලක් දාන් වාඩිවුනෙ සොහාටත් අමුතු බැල්මක් දාන ගමන්...

හරි මැඩම්...
සොහා අතෙ හිටපු ටෙහිව සවන්ට් කෙනෙක්ට දිලා කිචන් එකට යනකොට ඇහුන දෙයින් කෙල්ලගෙ හිත පැරෙන්න පටන් ගත්තා...

ඒ ගෙදර වැඩ කරන කෙල්ලද ආන්ටි..??
ඇස්වල යාන්තමට දිලිසෙන කදුළු හංගන් ගියපු කෙල්ල ඩින්ක් එකක් හදන්න පටන් ගත්තෙ ඒ අමුත්තට බැල්මක්වත් නොදිමයි...

ජිසො ඒක ඇහුවෙ උවමනාවෙම්මයි...මොකද ජිසො දැනගෙන හිටියා සොහා කියන්නෙ ජංකුක්ගෙ වයිෆ් කියන එක...
ජිසොට ඕන වුනෙ සොහාට ටිකක් රිද්දන්න...මොකද එයාලගෙ ප්ලෑන් එකෙ පලවෙනි පියවර ඒක නිසා...

ආහ්..ඔව් ඒ වගෙ තමයි...
ඒක නෙවෙයි කොහොමද මෙ දවස්වල වැඩ කටයුතු..??
මිසිස් ජියොනුත් කපටි හිනාවකින් කියලා දැම්මෙ ජිසො ලගින් වාඩිවෙන ගමන්...

අප්පගෙ කම්පැනි එකටම ගිහිල්ලා මට එපා වෙලා ආන්ටි...
මෙ දවස්වල නං ඔහොම තමා ගෙවෙන්නෙ...

ආහ්හ්...දුව බිස්නස් පැත්ත එහෙම දන්නවා වගෙ...

ඔව් ආන්ටි...අප්පත් එක්ක වැඩ කරන නිසා පුළුවන්...

දෙන්නගෙම කතාව නැවතුනෙ ජංකුක් පහලට එනවා දැකලා...
ඔෆිස් එකට යන්න ලෑස්ති වෙලා කොල්ලා පහලට ආවෙ ටයි එකත් දාන ගමන්...

ජංකුක්ට දැනුන බඩගින්නත් එක්කම කොල්ලා ටයි එක හද හදම kitchen එකට ගියෙ සාලෙ හිටපු දෙන්නවත් නොදැක්ක ගානට...

සොහා හදලා ඉවර කරපු drink එකෙන් විදුරුවක් අතට ගත්ත කොල්ලා ඒක බිගෙන ගියෙ කාටද හැදුවෙ කියලවත් ගානක් නැතුව...

සොහාත් ගල්වෙලා වගෙ බලන් ඉන්නකොට ජංකුක් කෙල්ල දිහාවට හැරුනෙ කට කොනින් හිනාවක් එක්කමයි...
කොල්ලා දැනගෙන හිටියත් ඒ දෙන්නා දිහාවට ඇස් දෙකක් යොමු වෙලා තියනවා කියලා කොල්ලට ඒකෙන් ගානක් වුනෙ නෑ...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now