HIKIZ 11

1.5K 306 89
                                    

'' මොකද චානුවො පරක්කු.. කියේ ඉදන්ද මෙතන.. '' ඒ මධුරු නාදේ එල්ල වුනේ හති දාගෙන ඇවිත් කැන්ටින් එකේ මේසයක් උඩට පොත් ටිකත් විසි කරලා වාඩි උන සහන්සට.. මිනායාට මුකුත් කියන්නේ නැතුව හිනා වුන සහන්ස එහෙමම මේසේ උඩින් ඔළුව ගහගත්තේ අද දවසේ තිබ්බ ලෙක්චර්ස් ටිකෙන්ම ඔළුව විකාර වෙලා වගේ දැනුන නිසා.. වෙන එකක් තියා එකක්වත් අහගෙන ඉදියාද කියලාත් මිනිහට ෂුවර් නෑ...

කලින් දවසේ රෑ කෙයාන්ගේ අප්පච්චි කෝල් කරපු එක මිනිහාට අදාළම නෑ... එයයි කෙයානුයි රණ්ඩු කරලා ආයේ සමතයකට පත් උනාට , ආයේමත් නොහිතපු විදියට සතීශ්නුයි චූටිගෙයි ඇවිලිල්ලත් එහෙන් සහන්සගේ හිතට වද දෙනවා... ගෙදර ඇවිත් සතීශ් සද්දයක් නැතුවම ඉදියත් , චූටි නං ආයේත් වලි දාගන්න ගිහින් තිබ්බේ මහ රෑ සතීශ් ආයේ ගාලු යනවා කියලා ඇහුවම... වලිය කොච්චර ඇදුනද කියනවා නං අන්තිමට චූටි සතීශ්ව තල්ලු කරලා තියෙන්නේ චූටිගේ කාමරේ තිබ්බ පුංචි මාළු ටැංකියත් පෙරළෙන විදියට... ඒ වීදුරු බිදෙන සද්දේට මානෙල් ආන්ටි කෑගැහුවම තමා වෙනම පාළු ඉසව්වේ පෙම් කොදෙව්වක තනි වෙලා ඉදපු සහන්සයි කෙයානුයිත් පියවි සිහියට ආවේ... ඩබල එක්ක එතනට යනකොටත් චූටි වැළහින්න වගේ අඩනවා.... ඔව් ඉතින් තල්ලු කලාට කවුද ඉතින් හිතන්නේ මෙහෙමත් පොළොව ඉඹියි කියලා... සතීශ්ට බරපතළ හානියක් නැතත් අල්ල පල්ලේ විදුරු කටුවක් දෙකක් ඇනිලා තිබ්බා ලාවට.. ඒකත් මදැයි සතීශ්ට උදව් කරන්න ගිහින් සිනෙලිත් කකුලේ වීදුරු කටු ඇනගෙන...

උන් දෙන්නාගේ මැදට පනින්නේ නෑ නෑ කිය කිය ඉදියාට කලින් දවසේ රෑ නං සහන්සගේ කේන්තිය පිට උනේ සතීශ්ගේ මූණේ ලස්සන දම්පාට පැල්ලමක් ඉතිරි කරලා... කෙයාන් නොවෙන්න මහ රෑ චූටිගේ කාමරේට රිංගුව එකටත් එක්කම තව එකක් නොමිලේම කන්න පින තිබ්බා සතීශ්ට.... හැම අතින්ම අගතියට පත් වෙච්ච නිසා සතීශ්ගේ රෑ ගමන නැවතුනේ අන්තිමට කෙයාන් සතීශ්ව ෂේප් කරගෙන රූම් එකට අරගෙන යද්දිත් , වැලපෙන විලො ගහ වගේ වුන චූටිව සනසන්න සහන්ස මුළු රෑම නිදිමරද්දි... ඔන්න ඕකයි ඉතින් පෙරදිනයේ තත්වය.. එ්ක නිසා අද උදේ ඉදන්ම සහන්සයගේ ඔළුව යකා නැටූ කම්මල වෙලා තියෙන්නේ..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now