1

69 14 14
                                    

...........කිසිවකුට නොදන්වා ඔහු තම මතය අනුව දෙව් ලොවින් පැන ගියේය.'

ශිට්. කිසිම රසයක් නැති පොත්. මූ කිව්වේ නම් කොහොමද.

'එක පාරක් කියවන්න හ්යුන්. ඔයාව වෙනම ලෝකෙකට ගියා වගේ තියෙයි'

අපරාදේ මමත් මේකා කිව්ව එක අහලා නිදාගන්නෙත් නැතුව කියෙව්වනේ පොතම. හරියට අවසානයක්වත් නෑනේ. පැන ගියාට පස්සේ කතාව ඉවරයි.
පැන ගියේ ඇයි කියලවත් දාලා තියද. මොකාද මන්දා මේ වගේ ඒවා ලියන්නේ. කතාව විකාරයක් වගේ කියලා ලියපු එකාම දන්න නිසා වෙන්නැතිනේ කර්තෘ ගේ නමවත් දාලා නැත්තේ.

"ඒහ් එහාට වෙයන්. තෝ මට මේ ජරා පොත දීලා මගේ නින්ද කඩලා දැන් මගේ ඇදේ නිදි . නැගිටපන් යකෝ. උබේ කාමරේට පලයන්."

"ම්හ්.. ආ උබ.. ඕ ඇයි.. මොකක්ද කේස් එක"

"මගුලක් කියවන් නැතුව අරහෙට යමන් මට නිදිමත යි."

"ආ හා හරි.. හරි"

මූ නිදිමතේම කොට්ටෙත් උස්සන් වැනි වැනි යනවා.

"ජිමිනා....."

"හ්ම් "

"තොගේ මේ ජරා පොතත් අරන් පලයන්"

ඒ පාර නම් පොරගේ නිදිමත ගියාද කොහෙද.

"මොකක්ද හ්යුන් ? ජරා පොත....?"

"ඇයි මොකෝ"

"ආහ් හියුන් . මේකට මොනවත් කියන්න එපා හරිද. "

"උබට ඔච්චර තරහ යන්නේ උබේ අප්පද ඕක ලිව්වේ"

"අනේ හ්යුන් මේ. මම කැමති නෑ මට ලස්සනයි කියල හිතෙන දෙයකට කවුරුවත් කැතයි කියනවට. මට අනුව මේ පොත හරිම සුන්දරයි. මොකද ඒක මගේ රසවින්-"

"හරි හරි බන්. මටත් දැන් ඒකේ සුන්දර බව දරාගන්න බැරුව ඉන්නේ. ඒ නිසා ලයිට් එක ඕෆ් කරන් පලයන්. මට නිදා ගන්න ඕන."

මූට මොනවා බැරි උනත් ලස්සනට පුප්පන්න නම් පුලුවන්.

මම එහෙමම ඇදට වැටිලා නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නෑ. යුන්ගී මොකද බන් උබට මේ වෙලා තියෙන්නේ. වෙනදට හිටගෙන උනත් නිදා ගන්නවා නේද උබ. උබ කොච්චර බැන්නත් උබේ හිත නම් කතාව ගැන මාර විදියට හිතනවා වගේ. මගේ මොලේ හිතත් එක්ක යුද්ධ කරද්දි මම ඇදෙන් නැගිටලා කිචන් එකට ගිහින් වතුර ටිකක් බිව්වේ දැන් දෙව්ලොවට ගිහින් ඉන්න මගේ හිත ටිකක් සන්සුන් කරගන්න.

සලාං.......


TO BE CONTINUED......

_________________________________________

ශෙයා & කමෙන්ට්.

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now