ඒකා මගේ පැත්තට දුව ගෙන ඇවිත් එක පාරටම මගේ ඇස් වැහුවා...
_________________________________මම හිටියේ ඇද උඩ. ඔහොම ඉන්න. මම කොහොමද ඇද උඩට ආවේ. එතකොට අර පොත් කබඩ් එක- මොකාක් කෝ එතන හිටපු එකා. මට දැන් නම් 1000% ෂුවර් මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. දන්න ආරක්ෂක මන්ත්‍ර ටිකත් ජප කර කර ඔලුව වැහෙනකම්ම රෙද්ද පෙරව ගෙන ඇස් දෙක පියා ගත්තේ තවත් විකාර දේවල් දකින්න නොලැබේවා කියලා ප්‍රාර්තනා කරන ගමන්.
. . . . . . . . .
හැම මනුස්සයම ආසයි තමන් නින්දෙන් නැගිටින කොට ලස්සන කුරුලු හඩක් ඇහෙනවට. ඒත් මට එහෙම වාසනාවක් නෑ. ඒ වෙනුවට මට ඇහැරෙන්න වෙලා තියෙන්නේ කොට ප්‍රානියෙක් ගේ හද සලිත කරන උච්ච ස්වරයට ලේ පුච්ච ගෙන.
ඇස් දෙක පියාගෙන ම මම කල්පනා කලේ මූ කොහෙද කියලා. හැමදාම අල්ලපු ගෙදර අන්කල් ගේ ලදරම ස්ටාට් කරන කොට ඌ මෙතන. අද පරක්කු මොකද දන්නෑ.
විනාඩි දහයක් ගිහිල්ලත් ජිමිනා ආපු නැති නිසා මම බොහොම අමාරුවෙන් නැගිටලා ඇස් දෙකත් පියා ගෙන වොශ්රූම් එක පැත්තට ගියා.
මොනව හරි දෙයක් වැටුනා කියලා සද්දයක් ඇහෙන කොට මම කල්පනා කලේ ඒ මොකක්ද කියලා. මොකක් උනත් ඒක වැටුනේ අවුරුදු ගානක්ම උදේට ඇස් පියන් බාත්රූම් එකට ගිහින් පලපුරුද්ද තියන මගේ අතින් නෙමෙයි කියලා ඇස් පියන්ම තහවුරු කර ගත්තු මට බ්‍රශ් එක අරන් ටූත්පේස්ට් දාගනිද්දියි මතක් වුනේ ජිමිනා තාම නැගිට්ටේ නැත්තේ ඇයි කියලා.
මූට කරදරයක්වත් ද දන්නෑ. මොකක් වුනත් කොල්ලාගේ හිත හොද නිසා වගේම ඌට මොකක් හරි උනොත් ඒකට මම වගකියන්න ඕන කියලා මතක් වුනු නිසාම තුවාය කරට දාන් කාමරේට ආපු මම කටේ තිබුණ බ්‍රෂ් එක බිමට වැටෙද්දී බැලුවේ මගේ පොත් කබඩ් එක දිහා.
ඔව්! ඊයේ රෑ එතන හිටපු එකා දැනුත් පොත් පෙරල ගෙන මගේ දිහා පොඩි එකෙක් වගේ බලන් ඉන්නවා. ඌ ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ඒත් ඌ ඇදන් හිටියේ අමුතු ඇදුමක්.
මගේ දිහා අමුතු විදියට බලපු ඌ මගේ පැත්තට දුවන් ඇවිත් ආයෙත් මගේ ඇස් වැහුවා....
TO BE CONTINUED....
________________________________________ශෙයා & කමෙන්ට්
මේ කතාව දිගටම දාන්නද.. එපා ද..
අනිවාර්යයෙන්ම කියන්න..
YOU ARE READING
ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ
Fanfictionගෝඩ් නම් තමයි ඒත් ඩෙශිටිකිසම් නෙමෙයි........ Cover by Dev_Vicky_006