3

40 14 18
                                    

එකපාරටම ආපු එලිය එක්ක ඇස් පියාගෙන අරිද්දි මම දැක්කේ  ජිමිනා බිම වාඩි වෙලා බඩත් අල්ලන් හිනා වෙන විදිය. කරන්ට් එකත් ඇවිත්.

"ජිමින් උබ"

"අම්මෝහ් හ්යුන්. අම්මෝහ් මගේ බඩත් රිදෙනවා"

"මට කියන්න එපා තෝ තමයි මේ හොල්මන් කරේ කියලා"

"අම්මෝ ඔයාගේ මූන මට මතක් වෙද්දිත් හිනා යනවා හ්යුන්"

"ආහ් මගුල උබට මාව පොඩි එකෙක් වගේ පේනවද ලයිට් ඕෆ් කර කර හොල්මන් පෙන්නලා බය කරන්න "

"නෑ නෑ ඉතින් එහෙම නෙවෙයි"

"අනේ මේ පලයන් මගෙන් මොනවත් අහගන්නේ නැතුව"

ජිමින් උඩට ගියාට පස්සේ මමත් වතුර ටිකක් බීලා කාමරේට ආවා. නින්ද යාගෙනම එනකොට මට පෙනුනා කවුරු හරි මගේ ඇද උඩ වාඩි වෙලා ඉන්නවා කියලා. මේකත් ජිමින්ගේ විකාර වැඩක් කියලා හිතුනත් ඒ හිටපු කෙනා ඇදෙන් නැගිටලා යනකොට තමයි මම දැක්කේ එයා ජිමින් වගේ දෙගුණයක් විතර උසයි කියලා.

"කව්ද.."

කලුවරේ හෙලවෙන ඒ ඡායාව දිහා බලාගෙන මම ඇහුවත් ඌ කලේ මගේ පොත් කබඩ් එක පැත්තට ඇවිද ගෙන ගියපු එක.

ඊට පස්සේ ඒ ඡායාව මගේ පොත් පෙරල පෙරල මොනවා හරි හොයන්න ගත්තා.

ඒ හොරෙක් කියලා හිතුනත් ආයි අනිත් පැත්තට මට හිතුනේ හොරු පොත් කියවන්න ගෙවල් වලට පනින්නේ නෑ නේද කියන එක.

මම ඇදෙන් බැහැලා සද්ද වෙන්නේ නැති විදියට අඩි තිය තිය ගියේ ජිමිනාට කතා කරන්න . ඒත් මගේ කරුමෙට අත වැදිලා මේසේ උඩ තිබුන වාස් එක පෙරලෙද්දි අර නාදුනන ජීවියා කලබල වෙලා වගේ කියලා ජනෙල් වලින් වැටුන හද එලියෙන් මට ලාවට පෙනුනා.

ඒකා මගේ පැත්තට දුව ගෙන ඇවිත් එක පාරටම මගේ ඇස් වැහුවා...

TO BE CONTINUED.....

____________________________________

ඔහේලට කිව්වට තොපි කමෙන්ට් කරන්නෑනේ යකුනේ🙂💔.

වේදනයි මට🙂💔.

කමක් නෑ. කමක් නෑ. 🥲

                ශෙයා & කමෙන්ට්

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now