5

43 11 11
                                    


මගේ දිහා අමුතු විදියට බලපු මගේ පැත්තට දුවන් ඇවිත් ආයෙත් මගේ ඇස් වැහුවා....
___________________________________

මම හිටියේ බාත්රූම් එකේ බ්‍රෂ් එක කටේ ගහ ගෙන. මොන විකාරයක් ද යකෝ මේ. මූ මාත් එක්ක සෙල්ලම් කරනවද.

අර ලස්සන ජීවියව හොයන් කාමරේට දුවන් ගියාම මම දැක්කේ ජිමිනා ඇද උඩ ඉදන් මගේ සපත්තු දෙකත් ඇද ගෙන මොනවද කරනවා.

"ආ හ්යුන්ග් ඔයා නැගිට්ට ද. මගේ ඒලාම් එක ඕෆ් වෙලා. නැගිටින්න පරක්කු වුනා"

"හ්ම්"

"මේ හ්යුන්. මම මේ ලේස් දෙක ගත්තට කමක් නැද්ද. මගේ සුදු පාට ලේස් දෙක හොයාගන්න නෑ."

"කමක් නෑ"

"මොකා....ක් හ්යුන්. සිරාවටම කමක් නැද්ද ආ."

මූ පුදුම වෙන්න එපෑ. මගේ මොනවා හරි ගත්තම වෙන දවස් වල මරා ගන්න මම එකපාරටම හා කිව්වම.

ජිමිනා කාමරයෙන් එළියට ගියාට පස්සේ මම වොශ් එකක් දාන් එලියට ආවා.

"හ්යුන්.... කෑම හරී. පහලට එන්න"

මම ජිමින් ගේ කෑ ගැහිල්ලත් එක්ක පහලට ඇවිත් කන්න බෙදා ගත්තා.

"හ්යුන්"

"ඇයි"

"ඔයාට අද වැඩ ද"

"බොරුවට අහන්න එපා ජිමිනා. උබ දන්නවනේ කම්පැනි එක බාර ගත්තු දවසේ ඉදන්ම මම වැඩට ගිහින් නෑ කියල"

ඔව්. අප්පා ගේ වදේට කම්පැනිය බාර ගෙන කොල කෑලි දෙකක සයින් කරා උනත් මම ඒ පැත්ත පලාතේ ගිහින් නෑ. මම දන්නෑ හොබියා නැත්තම් කම්පැනියට මොනවා වෙයිද කියලා.

"හ්යු.....න්"

"මම ලග සල්ලි නෑ"

"මොකක්ද හ්යුන් මම ඉල්ලුවොත් තමයි ඔයාට සල්ලි නැත්තේ"

"ඔව් මට නෑ. මම හිගන්නනේ. උබ ලග කීයක් හරි තියනම් ඒක මට දියම්"

"ආයි අන්කල්ගෙන් ඉල්ල ගන්න බැරිද හ්යුන්"

"අප්පට හිතුන වෙලාවක දෙයි බන්. ඉවසන් ඉන්නවා"

හ්ම්. දුකයි තමයි එහෙම කියල මොනව කරන්නද. මම ඔෆිස් යන්නෙ නැතුව ගෙදරට වෙලා කකා බිබී නිදාගන්නවා කියලා දැනගත්තට පස්සේ අප්පා මගේ බෑන්ක් එකවුන්ට් ටිකත් බ්ලොක් කරලා තමන්ගේ ම පුතාව අන්ත හිගන්නෙක් කරලා. දැන් මට සල්ලි ඕන උනත් හොබියා ලගට ගිහින් වැද වැටෙන්න ඕන. හොබියගේ හිත හොද නිසා හොදයි.

"මම කාමරේට ගිහින් එන්නම් හොදේ. ඕක කන්න එපා මං එනකම්"

මම කම්මුලට අත තියන් ජිමිනා එනකම් බලන් ඉද්දි මගේ දර්ශන පතයට අහුවුනේ අරකව. මූ පත්තරෙත් අදිනවා. කව්ද යකෝ මේ ආතල් දෙන්නේ.

"ඒයි"

හරි බැලුවා මං දිහා. ඔන්න කලබල වෙනවා. වටපිට බලනවා. ඈහ් යකෝ දුවන් එනවා නේද.

හරි සගෝ දැන් නම් එක්කෝ උබ නැත්තම් මම....

TO BE CONTINUED......

______________________________

ශෙයා&කමෙන්ට්

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now