6

37 11 9
                                    

හරි සගෝ දැන් නම් එක්කෝ උබ නැත්තම් මම....
____________________________________

උගේ අත් මගේ ඇස් වලට ලං වෙනවත් එක්කම මම ඒකගේ අත් අල්ලලා පිටි පස්සට තද කරා. මේකා මට වඩා උසයිනේ යකෝ. හරියට මූන බලා ගන්නවත් බැහැ.

"හ්යුන් ඔයා කෑවේ න්- වෝහ් හ්යුන් මේ කව්ද. ඔයාගේ යාලුවෙක් ද?"

"ජිමිනා ඉක්මනට මූව බදින්න"

"අනේ හ්යුන් මම කොල්ලන්ටවැඩිය කැමති නෑනේ. අනික කැමති උනත් මේ හදිස්සියේ බදින්නේ කොහොමද ?"

"යකෝ මූව ගැට ගහපන්"

"ආහ් හ්යුන් ඔයාට පිස්සුද මේ අහින්සක මනුස්සය ව ගැට ගහන්නේ"

"මොකක්"

"කෝ අත අතාරින්න. උස හ්යුන් ඔයා ඔය අත ගන්න මේ පැත්තට. දැන් හරි"

මේ මිනිහට පිස්සුද නැත්තන් හැටිද. යකෝ මම අතත් උලුක් කරන් මූව අල්ල ගත්තේ හුරතල් කරවන්නද. අම්මපා ජිමිනා උඹටත් මට වැඩිය මූව ලොකු වුනා නේද. ආයි වරෙන්කෝ හ්යූ......න් ගාගෙන.

"තමුසේ කව්ද කියනවා"

මේකා වට පිට බලනවා. ඇයි දෙයියනේ තේරෙන භාෂාවෙන් හොදින් ඇහුවම උත්තර දීපන්කෝ.

"තමුසේ කව්ද බන්. කොහොමද මේ ගෙදරට සැරින් සැරේ එන්නේ. ආ අනික මගේ ඇස් දෙක වහලා මොන මගුලක් ද ඒ කරන්නේ"

ඒ අස්සේ ජිමින් ඇගිලි තුඩු වලිනුත් ඉස්සිලා මේ මිනිහා ගේ කම්මුල් මිරිකනවා. මොනවද යකූ මෙතන මේ වෙන්නේ.

"හ්යුන් මට නම් ඔයා කියන කිසි දෙයක් තේරෙන්නෑ"

"උබට තේරෙන්නේ කොහොමද මූව හුරතල් කර කර ඉද්දි"

"මේ උස හ්යුන්. ඔයාව මම කලින් දැකලා නෑනේ."

"............................."

"අයියෝ බය වෙන්න එපා. මම මෙයා වගේ සැර නෑ. ඉතින් කතා කරන්නකෝ"

අපි දෙන්නා දිහා කීප වතාවක්ම ඇස් හීන් කරලා බලපු ඌ කියපු දේට මම වගේම ජිමිනාත් උඩ ගියා කියලා පෙනුනා.

"තුම් ක්යා කේ රහේ හෝ. මෙන් සමජා නහීන් "

TO BE CONTINUED......
_____________________________________

ශෙයා & කමෙන්ට්

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Donde viven las historias. Descúbrelo ahora