8

41 11 14
                                    

"මම දෙයියෙක් "

තත්පර කිහිපයක දැඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ,

"අම්මෝහ් යකෝ ඕම ආතල් දෙන්න එපා. බුදු අම්මෝ. ජිමිනා මූ මොනවද මේ කිය- කැහ් කැහ් කැහැක් කැහැක් කැහ්. කැස්සත් හැදුනා හත්තිලව්වේ. මට බෑ."

"අම්නේ හ්යුන් මේ වතුර ටික බොන්න. අනේ මට හිනා වෙන්න බෑ හ්යුන් තවත්. මගේ බඩ කොරවෙලා. අයියෝ..... දෙයියෙක් ලු. බුදු අම්මෝ මට බෑහ් දෙයියනේ"

මමයි ජිමිනායි තිරිසන්නු වගේ බිම පෙරලි පෙරලි හිනා වෙද්දි අර දෙයියා අපිට රව රව බලන් ඉන්නවා. ඇයි යකෝ මූට කව්රුවත් බොරු කියන්න කියලා දීලා නැත්තේ. අපේ වකුගඩු ලෙෆ්ට් වෙනවා මෙහෙම ගියොත්. අඩේ මට බෑ..

"අම්මෝහ් හ්යුන් නැගිටින්න නැගිටින්න. හ්යුන් දැන් නැගිටිනවකෝ. එයාව කිස් කරන්න පුලුවන් මට විතරයි. ඔයාට බෑ"

"ටිකක් ඉදහන් ජිමිනා. මට.. මට කියපන් ජිමිනා උබට අර ගල් මූසලයෙක් වගේ බලන් ඉන්න හෝතබුවාව දෙයියෙක් කියලා හිතෙනවද කියලා. යකූ මට ආයි හිනා යනවනේ මගුල"

"අනේ ඇති හ්යුන්. ආයි හිනා වෙන්න එපා මට දරාගන්න බෑ"

"ඇයි දැන් ඔයාලා හිනා වෙන්නේ"

"හිනා යන්නේ නැද්ද මිනිහෝ. තමුසේ මේ කියන දේවල් වලට"

අම්මපා තව මූ අහනවනේ ඇයි හිනා වෙන්නේ කියලත්.

"ඒ කියන්නේ ඔයාලට ඒක විශ්වාස නෑ."

"මොකක්ද"

"මම දෙවියෙක් කියන එක"

"ඕක දැන් ඇති හ්යුන්. මම හරි හ්යුන් හරි ඔයාට බොරු කියන විදිය පස්සේ වෙලාවක උගන්නන්නම්."

"හරි මම ඔයාලට පෙන්නන්නම්"

මේ මනුස්සය එහෙම කියලා අත් දෙක පටල පටල රොක් පේපර් සිසර් කරනවා. මුගේ අම්මට මූව මොන්ටිසෝරි දාන්න අමතක වෙලාද කොහෙද.

"තමුසේ ඕන නැටුමක් නටනවා. හැබැයි ගෙදර බඩු වලට අත තියන්න එපා. හරිද."

"ම්.. බලමු. ඉස්සෙල්ලා මට මේක කරන්න දෙන්නකෝ"

මේකා අත් කරකව කරකව ඉදලා මගේ පැත්තට අත දික් කලා. මේකගේ හිත සතුටු කරන්නත් එක්ක මැරිලා වගේ වැටෙන්න ඕන. නෑ එක්කෝ ඕන නෑ ටිකක් පල් කරනවා.

" ඔන්න ජිමිනා මුගේ මහලොකු මැජික් එක. ඉස්සෙල්ලම මුට බොරුඤව් ඤියෑව් ඤෑන් ඤුඤ්ඤෑව් ඤෑව්ව් විඤෑව් ඤාව්ඤෑව් ඤව්..

TO BE CONTINUED
____________________________________

සසර කලකිරිලා ඉන්නේ. කමෙන්ට් දාපියව් හිත හැදෙන්න.😒💔





පරිස්සමින් ඉන්න💖🌝

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now