future love 10

442 112 13
                                    

ජන්කුක් පරක්කු ඇයි බලන්න ටේහියුන් ආයෙම යද්දි එයා දැක්කෙ බිම වැටිලා ඉන්න ජන්කුක් ව.

ටේහියුන් ගෙ පපුව සීතල වෙලා ගියා.

"ජන්කුක්...කුකී...මැනික මොකද මේ ප්ලීස් කතා කරන්න ..."

ටේහියුන් ජන්කුක්ට කතා කරත් ජන්කුක් ඇස් ඇරලවත් ටේහියුන් දිහා බැලුවෙ නෑ..ටේහියුන් එහෙම්ම ජන්කුක්ව උස්සලා අරගෙන වාහනේන් ජන්කුක්ව වාඩි කරවලා වතුර ටිකක් අරන් ජන්කුක්ගෙ මූනට ඉස්සා.

හිමින් ඇස් අරින ජන්කුක්ගෙ නිකටින් අත තිබ්බ ටේහියුන් ,

  "කුක් ඔයා හොදින්ද?

   අහද්දි ජන්කුක්ගෙ ඇස් රතු වුන.හරියට ලේ පුරලා වගේ,ටේහියුන් හිතන්නත් කලින් ජන්කුක්ගෙ අත් දෙකම ටේහියුන්ගෙ බෙල්ලෙ නතරවෙද්දි ටේහියුන් ට තේරුනා එයාගෙ හුස්මත් එන්න එන්න හිරවෙනවා කියලා..

"කු.......ක්...ආහ් අතාඅරින්න......

ටේහියුන් ජන්කුක්ගෙ දරදඩු වෙලා තියන අත් දෙක එයාගෙ  බෙල්ලෙන් අයින් කරන්න හැදුවත් එයාට ජන්කුක්ගෙ අත් හොලවන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ..ටේහියුන් එක දෙයක් දැක්කා,ඒ ජන්කුක්ගෙ මූනෙ කවදාවත් නොතිබ්බ වෛරයක් සටහන් වෙලා තියන එක...

ටේහියුන්ගෙ බෙල්ල ටිකෙන් ටික තද වුනා..අන්තිම මොහොතෙ ටේහියුන්ගෙ ඇස් බොල උඩට ගියෙ එයා දරාගන්න පුලුවන් සීමාවෙ ගැට්ටෙම හිටපු නිසා..ඒත් එක්කම අකුනක් වැදුනා වගෙ ජන්කුක් පස්සට විසික් වෙද්දි ටේහියුන් එහෙම්ම බිමට ඇදගෙන වැටුනෙ බෙල්ලත් අල්ලගෙන මයි.

ටේහියුන් කැහැ කැහැම නැගිට්ටෙ ජන්කුක්ට මොකද බලන්න.ඒත් ජන්කුක් ට එහෙම්ම සිහිය නැති වෙලා තියන හැටි දැකලා ටේහියුන් කාර් එකට හේත්තු වෙලා එහෙම්ම බිම ඉදගත්තෙ තාමත් එයාට හුස්ම ගන්න අමාරු වුන නිසා..

"හොදට හිටපු ඔයාට මොකද්ද මැනික මේ එකපාරට උනේ"

ටේහියුන්ගෙ ඇස් වලින් එයාටත් නොදැනිම කදුලු බේරුනා.මොකක් නමුත් වෙන්න ඕනි නැති දෙයක් වෙනවා කියලා ටේහියුන් ට තේරුනා..ඒ වගේම මේ වෙන දේ තව ඉස්සරහට ත් උනොත් අනිවාර්යයෙන් ම ඒක මීට වඩා භයානක වෙනවා කියලා ත් ටේහියුන් තේරුනා..

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now