future love 29

268 79 21
                                    

නිකොල්සන් ලොකු හුස්මක් අරන් අතෙ තිබ්බ පොතෙ පලවෙනි වචන ටික සද්දෙන් කිව්වා  යුන්ගි ඒ වෙද්දිත් ජන්කුක් ටේහියුන් වටේ ඉටිපන්දම් පත්තු කරලා තිබ්බා වගේම මුලු කාමරේම අදුරින් වැහිලා ඉටිපන්දම් එලිය විතරක් කැපිලා පෙනුනා.

නිකොල්සන් එකපාරට වේගෙන් ඊලග වචන කියද්දි මාලිගාවෙ දොරවල් වේගෙන් ඇරෙන්න වැහෙන්න ගත්තා  වගේම තද හුලං පාර නිසා ඉටිපන්දම් හෙලවුනත් ඒ එකක්වත් පුදුමෙකට වගේ නිවුනෙ නෑ..

"යුන්ගි වතුර එක...

නිකොල්සන් යුන්ගි ගෙ අතෙ තිබ්බ පල්ලියෙන් ගෙනාපු පාරිශුද්ධ වතුර තිබ්බ භාජනෙ නිකොල්සන් ගෙ අතට දුන්නා..නිකොල්සන් ජන්කුක්ගෙ ඇගට වතුර ටිකක් ඉහද්දි ජන්කුක්ගෙ බෙල්ල එකපාරට ටේහියුන් ගෙ උකුලෙන් උඩට ඉස්සුනා.හරියට ජන්කුක්ව වෙනම කෙනෙක් කන්ට්‍රෝල් කරනවා වගේ

නිකොල්සන් ඉටිපන්දමක් අතට අරන් ඒක ජන්කුක්ගෙ ඇස් වලට ලං කරද්දි ජන්කුක් ගොඩක් හයියෙන් හූ කියන්න ගත්තා.එතන හිටපු හැමෝටම තේරුනා ඒ සද්දෙ කොහෙත්ම ජන්කුක් ගෙන් ආපු එකක් නෙමෙයි කියලා...

"තමුසෙ කවුද...කතාකරනවා...!!!!!

නිකොල්සන් සද්දෙන් කෑගැහුවෙ ජන්කුක්ගෙ දිග කෙස් වලින් අල්ලගෙන,ජන්කුක් ගෙ ඇස් ඉටිපන්දම් එලියට අල්ලන ගමන්.ඒකට ටේහියුන් ට කේන්ති ගියත් ටේහියුන් ව යුන්ගි පිටිපස්සෙන් අල්ලගත්තෙ එයාටවත් ජන්කුක් ට ලං වෙන්න බැරි විදිහට.

"මාව අතාරිනවා...

ජන්කුක්ගෙ කටහඩ පුංචි ගෑනු ලමෙයෙක්ගෙ කටහඩකට වෙනස් වෙලා තියෙන හැටි හැමෝටම තේරුනා..ඒවගේම ජන්කුක්ගෙ ඇග පුරා දැලි වගෙ කලු පාටින් වෙනස් වෙලා තිබ්බා,

"මේ ලමයගෙ ඇගෙන් එලියට යනවා...

නිකොල්සන් අතෙ තිබ්බ ඉටිපන්දම අයින් කරලා වතුර එකෙන් ජන්කුක් ගෙ මූනට ඉහන ගමන් සද්දෙන් කිව්වා.

"ආහ්..ඔම්මා මාව පිච්චෙනවා..එයාලා ආයෙම මාව පිච්චෙනවා ...මාව පුච්චන්න එපා...

ජන්කුක් ගෙ කෑගැහිල්ල ටේහියුන් ට දරාගන්න අමාරු නිසා ටේහියුන් ජන්කුක් ව ඇදලා ගන්න උත්සාහ කරත් යුන්ගි ටේහියුන් ව තදින්ම අල්ලන් හිටියා,නිකොල්සන් ඇස් වලින් ටේහියුන් ව ගෙනියන්න කියලා කියද්දි යුන්ගි ටේහියුන් ව ඉටිපන්දම් වලල්ලෙන් එලියට ඇදලා අරන් තද කරගත්තා.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now