future love 21

270 80 18
                                    

"එයාව එහෙම ගැට ගහන්නම ඕනිද?

ජන්කුක් ගෙ ඔම්මා එයාගෙ පුතාගෙ කකුලට මාංචු දාන එයාගෙ හස්බන්ඩ්ගෙන් අහද්දි ජියොන් මොකුත් නොකියා ඔලුව වැනුවා.

එයාලා ආපහු ජන්කුක්ව ගෙදර එක්කගෙන ආවා.ජන්කුක් තාම නැගිට්ටෙ නැත්තෙ නිකොල්සන් ජන්කුක් ට ස්ලීපින් මෙඩිසින් වගයක් ඉන්ජෙක්ට් කරවපු නිසා.

ජියොන් සේහිට ජන්කුක් ගෙ හැම විස්තරයක් ම කිව්වා.එයාට විශ්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නොතිබ්බේ කලින් පාරත් එයා අවිශ්වාස කරපු නිසා ලොකු ප්‍රශ්නයක් උන නිසා.

"එතකොට කෝ නිකොල්සන් ..?

"එයා ගියා කෙනෙක් ව එක්කගෙන එන්න..අපි ජන්කුක්ව බේරගන්න ඕනි..එයාගෙ ඇගේ ඉන්න ආත්මය එලියට ගන්න ඕනි"

ජියොන් කියද්දි සේහි කාමරෙන් එලියට ගියේ අහන්න ඕන නැති දේවල් එයාගෙ කන්වලට ඇහෙන නිසා.ඇයි එයාගෙ හුරතලාම ?ඇයි හැමතිස්සෙම ජන්කුක්ටම රිදෙන්නේ?

"සේහි පුතා දැන් නැගිටියි.එයාට මොනවහරි කන්න දෙයක් හදන්න..බනානා ශේක් තිබ්බා නේද?මං ගේන්න ඕනිද?

ජියොන් කාමරෙන් එලියට ඇවිත් සේහිගෙන් අහද්දි සේහි කාමරෙ දිහා බලලා ජියොන් දිහ බැලුවෙ කලකිරීමෙන්.

"ප්‍රශ්නයක් නෑ හැමදේම හොදින් වගෙ හැසිරෙන එක නතරකරන්න ජියොන්..මට කියන්න එයාට සිහිය ආවොත් එයා ආයෙම කලබල කරයිද?

"නිකොල්සන් කිව්වා දවල්ට ප්‍රශ්නයක් වෙන්නෑ කියලා..ඒත් රෑට....ඔයා බයවෙන්න එපා නිකොල්සන් රෑ වෙන්න කලින් එයි.."

"කටක් ඇරලද බයවෙන්න එපා කිව්වේ?

සේහි කේන්තියෙන් කෑගහලා යද්දි ජියොන් සේහි දිහා බලලා හුස්මක් හෙලුවා.

_______________________________________

"එ..තකොට ජන්කුක් ද අර හොටෙල් එකෙ ලමයව මැරුවේ?

ජිමින් කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන ටේහියුන් ගෙ අතින් අල්ලගෙන.

" ජන්කුක් නෙමෙයි..එයාගෙ ඇතුලෙ ඉන්න කෙනා...මාව විශ්වාස කරනවා නේද චිම්?

ටේහියුන් ජිමින්ගෙ අත් තද කරලා ජිමින්ට හැමවිස්තරයක්ම කිව්ව.යුන්ගි උනත් ටේහියුන් කියපු දේවල් අහගෙන හිටියේ පුදුමෙන්.ඒත් දෙන්නම දන්නවා ටේහියුන් ට බොරු කියන්න ඕනි නෑ කියලා..

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now