future love 23

235 83 22
                                    

"ලෙහපන් මාව"

"ජන්......

ජිමින් වහපු දොරට හේත්තු වෙලා හිටියෙ ජන්කුක්ගෙන් ඇස් අහකට නොගෙන.ජිමින් එකක් තේරුම් ගත්තා,ඒ එයාගෙ හිත කොනක තිබුනා වගේ ජන්කුක් ට මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් නෑ කියලා ,එහෙම දෙයක් නම් ජන්කුක් ගෙ ඇස් ලේ රතු වෙලා ඇගෙ තැන තැන තුවාල පාරවල් පේන්න තියෙන්න විදිහක් නෑනි..

ජන්කුක් ගෙ අතෙ තිබුන වීදුරු කෑල්ල නිසා ජන්කුක් ගෙ අතෙන් ලේ එන්න පටන් අරන් තිබුනා.ජිමින්ගෙ දිහා ඇස් පිය නොගහ බලන් ඉන්න ජන්කුක් නිසා ජිමින් ට හෙලවෙන්නවත් පුලුවන් කමක් තිබුන්නෑ..

"කියන දේ ඇහුන්නැද්ද?මාව ලෙහපන්!!!!

ජන්කුක් ගෙ කටහඩත් එක්ක ඇහෙන අනිත් කඩහඩ ජිමින්ගෙ කන් වල දෝංකාර දුන්නා.ජන්කුක් කතා කරද්දි කාමරෙ හල්ලෙන්න ගත්තා වගේම එයාගෙ කකුලට දාලා තිබ්බ රිදී දම්වැල සැරින් සැරෙ හෙලවෙන්න ගත්තෙ හරියට ජිමින්ට ඒක ගලවන්න කියන්න වගේ.

"බෑ ලෙහන්නෙ නෑ..තමුසෙ කවුරු උනත් ජන්කුක් ගෙ ඇගෙන් යනවා"

ජිමින් දොරට පුලුවන් තරම් තද වෙලා හයියෙන් කෑගැහුවා.ජිමින් හිටියෙත් ගොඩක් බය වෙලා ඊට වඩා එයා බය උනෙ ජන්කුක් ට කරදරයක් වෙයි කියලා .

ජිමින් කෑගැහුවට පස්සෙ ජන්කුක් ගෙ දැගලිල්ක ටිකක් අඩු උනා..ජිමින්ගෙ දිහාට තිබ්බ ඇස් බිමට පාත් වෙද්දි ජන්කුක් කලින් වගේම බිමට ඔලුව හරවගෙන එහෙට මෙහෙට පැද්දෙන්න පටන් ගත්තා.

ජිමින් නොහිතපු විදිහට ජන්කුක් හයියෙන් අඩන්න ගත්තා.හරියට පුංචි ගෑනු ලමයෙක් වගේයා හිමින් කකුල් දෙක ලගට අරන් තමන්වම ගුලි කරන් හයියෙන් අඩන්න ගත්තා.සමහරවිට ජිමින් හයියෙන් කෑගහපු නිසා එයා බය වුනාවත්ද?

ජන්කුක් අඩද්දි ජිමින්ට කොහොමත් ඒක දරාගන්න බෑ..දැන් ජන්කුක් අඩන්නෙ සද්දෙට,උගුර යටින් කෑගහහන ගමන්...

"කුකී...ඔයාට මාව ඇහෙනවද?

ජිමින් එකපාරක් හිමින් අහද්දි ජන්කුක් ගෙ ඇඩිල්ල ආයෙම වැඩි උනා.හරියට කාවහරි මරන්න හදද්දි කෙනෙක් අඩනවා වගේ..ඒක කාටවත් දරාගන්න බෑ..ජිමින්ට දැනුනා එයාගෙ ඇස් වලත් කදුලු පිරෙනවා..වෙන දෙයක් වෙන්න කියලා ජිමින් හිමින් ජන්කුක් ලගට ලං උනා.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now