future love 11

458 125 15
                                    

" ටේහියුන් ,ඔයාට කොහොමද දැන්"

ටේහියුන් ඇස් අරිද්දිම එයාගෙ ඉස්සරහ හිටියෙ ටේගෙ අම්මා..

"අම්මා...ඔයා මෙහෙ ආවද?

ටේහියුන් අමාරුවෙන් ඇස් ඇරලා අහද්දි අහද්දි මියෙන්වූ ටේගෙ ඔලුව අත ගෑවා...

"මං නෑවිත් කොහොමද ටේ?ඔයා දවසක්ම සිහිය නැතුවයි හිටියෙ.."

මියෙන්වූ ගෙ කම්මුලෙ තිබ්බ කදුලු බින්දුව අතින් පිහදාල ටේහියුන් වටපිට බැලුවෙ කලබලෙන්.

"කුක්...ජන්කුක් කොහෙද අම්මා...එ..එයා හොදින් නේද?එයාගෙ අත හොදටම තුවාල වෙලයි තිබ්බේ...එතකොට කකුල්...ආහ් කකුලුත් තුවාල වෙලා..එතකොට ආව්ව්හ්..."

ටේහියුන් කලබලෙන් නැගිටින්න හදද්දි එයාගෙ තුවාලෙ වේදනාව නිසා ටේහියුන් එහෙම්ම ඇදට වැටුනා..

"ඔයාට තුවාල කරපු කෙනා ගැන ද ටේහියුන් වදවෙන්නේ?"

මියෙන්වූ ගෙ කේන්ති ගිය මූන දැකලා ටේහියුන් හිනාවුනෙ එයාගෙ හා පැටියා එගෙම කරන්නෑ කියලා හොදටම දන්න නිසා..

"එයා හොදටම අසනීපෙන් හිටියෙ ඔම්මා..හොදටම...එයා මට ගොඩක් ආදරෙයි ...කවදාවත් මාව රිද්දන්නෑ.."

ටේහියුන් අසනීපෙන් නිසා මියෙන්වූ ටේහියුන්ට බනින්න ගියෙ නැ .ඒත් එයා ජන්කුක් එක්ක හිටියෙ ලොකු කේන්තියකින්.ජියොන් කොල් කරලා එයාට වෙච්චි දේ කියද්දි එයා බයවුන තරම දන්නෙ එයාම විතරයි .

"අම්මා ...කෝ කුක්?

ටේහියුන් ආයෙම අහද්දි එයාලගෙ රූම් එකෙ දොර ඇරගෙන ඇතුලට ආවෙ ජන්කුක්.එයා හිටියෙ වීල්චෙයා එකක.එතකොට විල් චෙයා එක තල්ලු කරගෙන ඇතුලට ආවෙ නිකොල්සන් .

"කුකී...

ටේහියුන් ඇදෙන් නැගිටගන්න බැරි නිසා අත දික් කරන් කෑගහද්දි ටේහියුන් දැකලා ජන්කුකුත් ආපස්සට කෑගැහුවා..නිකොල්සන් ඉක්මනට ජන්කුක්ව ටේහියුන් ලගට එක්කගෙන ගියහම ටේහියුන් පැනලා ජන්කුක්ව තද කරලා බදාගත්තා..

"හොදින් නේද?

ටේහියුන් අහද්දි ජන්කුක් හයියෙන් ඉකිගහන්න ගත්ත.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now