🖤CHAPTER 10🖤

462 75 13
                                    

Micky pov,

♥️ඇස් අරින්න මිකී මාව ඇහෙනවද ඔයාට?

ලාවට වගේ කනගාවින් ඇහුන හුරුපුරුදු කටහඩක් නිසා මන් ඇස් ඇරලා බැලුවෙ කොහෙද ඉන්නෙ කියලා.
මේ කැලයක් නේ මන් මොකක්ද කැලේක කරන්නේ?
හත්තිකේ මන් මේ ඩ්‍රැකියුලාව බදාගෙන ඉන්නෙ මොකද👀
මන් ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් ලොකු කරන් වටපිට බලද්දී ඩ්‍රැකියුලා කතාකරන්න ගත්තා.

♥️අපි කැලේ තමයි තාම ඉන්නෙ.

එතකොට මොකක්ද මට වුනේ?

♥️ඔයාව ජීසියොක් අයිති කරගන්න හැදුවේ තව ටිකක් පරක්කු වුනා නම් මන් ඔයා සදහටම ජීසියොක්ගේ වෙනවා..

ඩ්‍රැකියුලා මගෙ මූන අත් දෙකෙන් අල්ලන් ඒක කියපු විදියට ඇත්තටම මගේ හිතෙත් තේරුම්ගන්න බැරි හැගීමක් ඇති වුනා🙂.
ආ හුම්🙂.එතකොට කෝ ඔයාගෙ සේනාව ?

♥️එයාල තාම වුල්ෆ්ලා එක්ක සටන් කරනවා ඇති.ඔයා වුල්ෆ්ලට පේන්න ඉන්න හොදනැති නිසා තමයි මන් ඔයාව එක්කන් ආවෙ.

එයාලා මාව මරයිද?

♥️යා පිස්සු කෙල්ල ඔයාට මැරෙන්න දීලා මන් බලන් ඉන්නවද මගෙ ජීවිතේ නැති කරගෙනහරි ඔයාව බේරගන්නව මන්.

මට ඔච්චර ආදරේ කරන්න එපා බෝගම්🙂.

♥️වට්? ඔයා කොහොමද මගෙ නම දන්නෙ?

වුල්ෆ් කිව්වෙ .

♥️ඌ මොනාද ඔයා එක්ක කතාකරේ?

මුකුත් නැහැ .කියලා මන් ලොකු ඈනුමක් ඇරියෙ ඊයෙ හරියමන් ඉදන් නින්දක් නැති නිසා.මන් බකනූනා වගේ ඈනුම් ගිල ගිල ඉද්දී සයිඩ් එකෙන් දැක්කේ මන් දිහා බලන් නෝන්ඩියට හිනාවෙන කුප්ප ඩ්‍රැකියුලා ව😒.

යා ඔහේට මම...

මන් කෑ ගහන් ඩ්‍රැකියුලාට ගහන්න පැන්නා විතරයි ඒකවත් පෙරලගෙන වැටුනේ ඩ්‍රැක්ගේ ඇග උඩට🙂.
ටිකවෙලාවක් අපි දෙන්නම කියාගන්න බැරි හැගීමක අතරමන් වෙලා හිටියේ ඇස් දිහා බලාගෙන ඒත් එකපාරටම ඇහුනු වුල්ෆ් කෙනෙක්ගේ උඩුබිරිල්ලක් නිසා අපි දෙන්නා ආයෙ හිටපු ලෝකෙට ආව.

ඩ්‍රැ...ඩ්‍රැක්..වු...වුල්ෆ් කෙනෙක් නේ ඒ🙂.
මන් බයටම ඩ්‍රැකියුලාව බදාගෙන ඔලුවත් ඩ්‍රැක්ගේ පපුව අස්සෙ ගහගත්තේ වුල්ෆ්ලා මාව මරයි කියන බයට ඔය අතරේ මන් ගොනෙක් වගේ කියවන්නත් ගත්තා🙂.
අනේ මට මැරෙන්න බැහැ ඩ්‍රැක් . අර වුල්ෆ් මාව මැරි කරනව කිව්ව මට ඒකව මැරි කරන්න බැහැ .මට ඔයා එක්ක ඉන්න ඕනි.මන් ඔයාගෙ මේට් නේ මාව බේරගන්න ඩ්‍රැක් 😭.මන් කැමති වෙන එකෙක් නැහැ ඔයා තේරුම්ගන්නකො මාව.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now