1

3.3K 372 39
                                    


"නෑ සර් මේකට ඒක නෙමෙයි උත්තරේ එන්නේ..." පොතේ උත්තරේ ලියාගෙන සෑහීමට පත්වෙන ශිශ්‍ය ශිශ්‍යාවෝ අතරේ වෙනස් කෙනෙක් මගේ විවේක කාලෙන් ටිකක් උදුරගනිද්දි මං ඒකට සහය පල කරේ ආසාවෙන්. මෙහෙම ලමයි නිසා තමයි ගුරුවරුන්ගේ උනන්දුව තවදුරටත් රැඳිලා තියෙන්නේ.

"දරුවෝ.....හොඳට මේක කියවන්නකො පුතේ...." කොල්ලා කරලා තියෙන වැරැද්ද දැක්ක ගමන් අහුවුනත් මං එයාටම වැරැද්ද හොයාගන්න ඉඩ දුන්නේ ඒක කවදත් මගේ ක්‍රමේ වෙච්ච නිසා. 

"ඉතින් සර්...මේකේ ද්‍රාවණය 100 කියලා සලකලා ගත්තොත් මවුල ගාන 80යි නේ....." පැන්සලේ කොනත් හප හපා මට එයාගේ තර්කේ පැහැදිලි කරන්න හදන කොල්ලට මං පුංචි ටොක්කක් ඇන්නා.

"බලනෝ මේකේ මොකද්ද 80% දීලා තියෙන්නේ කියලා. දෙන්න හිතෙනවා මතක හිටින්න පාරක්....." මං හිනාව හිරකරගෙන කිව්වා. 

"ආ...ඉහික්...ස්කන්ධ ප්‍රතිශතය නේද...." මුකුත් නොදන්න තාලේ හිනාවක් දාලා කොල්ලා අහිංසක විදියට මගේ දිහා බැලුවා. පොත් ටික එකතු කරගෙන කොල්ලා මට වැඳලා පැනල දිව්වේ මගේ මූණේ තිබ්බ හිනාව තවත් පුලුල් කරන ගමන්. ඒ එක්කම තවත් ඔලුවක් විද්‍යාගාරේ දොරෙන් එබුනා. 

"සර් ඊලඟ පීරියඩ් එක අපි....නේද?" කාලසටහනේ පුංචි පුංචි වෙනස්කම් හරි සාමාන්‍යයි. ඒ නිසා එයාලා කලින්ම ඇවිල්ලා අහගෙන යන්න පුරුදු වෙලා. දොරෙන් එබුණ පොඩි කෙල්ලට හිනාවක් දීලා මං ඔලුව වැනුවා. 

"අම්මෝ සර්ගේ පීරියඩ් එකට එන්න කට්ටිය හරි උනන්දුයි නේද?" විද්‍යාගාරෙන් ඇතුල් වෙන මැදිවයසේ ගුරුතුමියකගේ කටහඬ ඇහෙනකොට පොඩි කෙල්ල උඩ බිම නොබලා දුවපු විදිය දැකලා මට පැනපු හිනාව මං වහගත්තේ විද්‍යාගාරේ ඉන්නේ මං විතරක් නොවෙන නිසා. සමහර සාම්ප්‍රදායික හදවත්වලට තේරුම් කරවන්න හරි අමාරුයි හැමෝම එක වගේ නෑ කියන එක. පුංචි හිනාවක් තොල් අතරේ තියාගෙන මං බෑග් එකට අත දැම්මේ කෑම එක ගන්න. හිස් පොකට් එක පුරා මගේ අත් යනකොට මට මතක් වුනේ මට අද උයාගන්න නැති කරපු කෙනාව. මගේ මූණේ ඇඳුන හිනාවේ හැඟීම් මටම තේරුම් ගන්න බැරි වෙද්දි මං දුරකථන තිරේ උඩ එයාගේ නම අකුරු කරා. 

MagisterWhere stories live. Discover now