"පුතේ විභූ.....ඔයාලගේ ගෙදරත් ගිහින් එන්න ඕනේ නේද?" යාදෙව්ගේ තාත්තා කෑම මේසෙදි මගෙන් ඇහුවම මං බැලුවේ යාදෙව් දිහා. හොර බැල්මක් පිඟාන දිහාට දාගෙන ඉද්දි මට තේරුනා මූ තමයි මේක කියලා තියෙන්නේ කියලා. මේසෙ යටින් රිදෙන්න උගේ කකුල පාගලා දැම්මේ වේදනාවටම යාදෙව් වම් අතේ ඇඟිල්ලක් හපාගනිද්දි.
"ඔව් තාත්තේ....යන්න නම්..ඕනේ තමා....ඒත්...." මං දෙපැත්තටම හිතන ගමන් කිව්වා.
"ඒත් කියලා බෑනේ පුතේ. ගිහින් එන්නෙපැයි. දැන් සෑහෙන කාලෙකින් ගිහින් නැතුවැති මගෙ හිතේ..."
"අවුරුද්දකින් විතර......" මං හෙන අසරණ හිනාවක් දැම්මා.
"ඒකනෙ.....එහෙම බෑනේ.....ඒ ඔයාගේ පවුලනේ...." තාත්තා මගේ උරහිසට අත තියාගෙන කියද්දි මං බිම බලාගත්තා.
"මාත් කිව්වේ ඒක තමා....." යාදෙව් මැද්දෙන් පැනලා කියද්දි මං ආයෙම කකුල පාගපු නිසා ඌ කටවහගත්තා.
"යන්න නම් ඕනේ තමයි තාත්තේ.....අනේ රණ්ඩු වෙන්න ගියාම මට එපා වෙනවා අප්පා. අවුරුදු 3 ගෙවිලාවත් තාමත් එයාලා කිව්ව එකම කියවනවා...." ඇස් දෙක යාන්තමට තෙතකින් තෙමිලා ගියේ මට පට්ටම අසරණකමක් දැනුන නිසා.
"එහෙම හිතලා බෑනේ පුතා....එක දවසකටවත් ගිහින් ආවනම් තමයි හොඳ....." තාත්තා ස'වියට් එකෙන් අත පිහිදන ගමන් කියද්දි මට ඒකට විරුද්ධ වෙන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.
"හ්ම්ම්....හෙට ගිහින් එන්නම් එහෙනම්...." මං හෙමිහිට කිව්වේ යාදෙව් මගේ ඉණ වටේට අත දාලා උරහිසෙන් ඔලුව තියාගනිද්දි.
"හොඳ ලමයා....." යාදෙව් මගේ කණට කෙඳිරුවෙ තාත්තා මං කියපු එක ඔලුව වනලා අනුමත කරලා මගේ ඔලුවත් අතගාගෙන මේසෙන් නැගිටලා යද්දි.
.....................................................
"මං ඉන්නද විභූ ඔයා එනකන්?" යාදෙව් මගේ ඔලුවට අතක් තියලා ඇහුවේ මං අපේ ගෙදර ගාව පාරෙදි ජීප් එකෙන් බහින්න කලින්. එයාගෙ Vitz කාර් එකයි අපි දෙන්නගෙම ආසාවට දෙන්නම සල්ලි එකතුකරලා ගත්ත outlander ජීප් එකයි දෙකම තිබ්බේ යාදෙව්ලගේ ගෙදර. ගෙදර ආවම ආපු එකේ නැතුව අනිකේ යන එක අපි දෙන්නගේ අනික් ඒවා වගේම පිස්සුවක්. කාර් එක පාවිච්චි කරපු නිසා දැන් ආයේ යද්දි ගෙනියන්න හිතාගෙන යාදෙව් ජීප් එක අරන් ආවේ සර්විස් සෙන්ටර් එකට දාන්න.
YOU ARE READING
Magister
General Fictionමං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||