"ඒක මෝඩ වැඩක්. නිකන් සල්ලි නාස්ති වෙනවා ඒකෙන්. අපිට ස්පෙසිමන්ට්ස් ටික හදාගන්න පුලුවන්....ෆෝමැල්ඩිහයිඩ් විතරයි ඕනේ." ලැබ් තුනේ ටීචර්ස්ලා එකතු වෙලා සාකච්ඡාවක්. බයෝ ලැබ් එකට ස්පෙසිමන්ට්ස් ගන්න එක ගැන. ඒකේ තිබුන ඒවා සෑහෙන්න නාස්ති වෙලා. හැමදාම අඳුරන තැනකින් ස්පෙසිමන්ට්ස් ගෙනාවේ ක්‍රිශානුයි තව සර් කෙනෙකුයිලු. ලක්ශ ගානක වියදමක් ගිහිල්ලා ඒකට. ඒක මහාම නාස්තියක්. ඕන ගස් ටිකයි සත්තු ටිකයි එකතු කරගත්තනම් ඒක ෆෝමැල්ඩිහයිඩ් වල දාලා සීල් කරන එක ලේසි වැඩක්. ඔය ගස් ටිකයි සත්තු ටිකයිනම් මට කැම්පස් එකේ එවුන් ටිකකගෙන් අරන් දෙන්න බැරියෑ.
"හැමදාම ඒ ටික ගෙනාවෙනම් ක්‍රිශාන් සර් තමා. ජූනියර් ලැබ් එකට කෙමිකල්සුත් එක්ක"
"හැමදාම කරපු විදියටම කරන්න ඕනේ නෑ නෙ ටීචර්.....ඔය කෙමිකල්ස් වුනත් ඔයිට වඩා අඩු ගානකට ගන්න පුලුවන් තැන් තියනවා දැන්. ඔතන පරණම තැන වුනාට දැන් හොඳම තැන ඔය කියන තැන නෙමෙයි." මං කිව්වේ ඇත්තටම මේක ලොකු නාස්තියක් නිසා. අනික මගේ දැනුමේ හැටියට පේනවා මෙතන වෙනමම අක්‍රමිකතාවයක් වෙලා තියනවා. ක්‍රිශාන් එක්ක වැඩේ කරපු අනික් එක්කෙනත් මේකට සම්බන්ධයි වගේ. කීයටවත්ම ෆෝමැල්ඩිහයිඩ් ලීටර් 3ක ගාන 40000/= වෙන්න විදියක් නෑ කියන්න මේ වයසක ගුරුවරු සෙට් එක දන්නැති වුනාට අවුරුද්දකටත් අඩු කාලෙකට කලින් කැම්පස් එකේ ඕවායේ පිනුම් ගහපු මං දන්නවා.
දොර ඇරගෙන මීටින් එකට ආපු ක්‍රිශාන් මගේ එහාපැත්තෙන්ම වාඩි වුනේ අමුතු විදියට හිනාවෙන ගමන්. ඕනවට වඩා ඇඟේ ඇලෙන්න එනවා වගේ තේරෙද්දි මං එහාට වුනේ අප්පිරියාවෙන්.
"මැඩම්....මේ සැරේ කෙමිකල්ස් ගේන්න එපාද?" ක්‍රිශාන් එක්ක ආපු මීයෙක් වගේ මූණක් තියන අනික් සර් ඇහුවා.
"පොඩ්ඩක් ඉන්නකෝ ප්‍රියන්ත....මේ අපේ අලුත් විභුශිත සර්ට ඒ ටික අඩුවට අරන් දෙන්න පුලුවන්ලුනේ. අපරාදේනේ එහෙම තියෙද්දි සල්ලි නාස්ති කරන්නේ." ප්‍රින්සිපල් කියනකොට ඒ සර්ගේ මූන කලුවෙලා ගියා. ඌ හැරිලා ක්‍රිශාන් දිහා බලනකොට ක්‍රිශාන් දැක්කේ නෑ වගේ හොඳට හිනාවුනා.
YOU ARE READING
Magister
General Fictionමං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||