21

2.5K 311 168
                                    


මං ආයේ අවදි වෙද්දිත් හිටපු විදියටම යාදෙව්ගේ තුරුල්ලේ හිරවෙලා හිටියා. එයාගේ තදින් පියවුන දිග ඇස්පියන් දිගේ මං ඇඟිල්ල ගෙනිච්චේ එයා හෙමිහිට නින්දෙන් මිදෙද්දි. 

"ඇහැරුනාද....?" යාදෙව් මාව හරියට ඔඩොක්කුවට ගන්න ගමන් මගේ ඔලුව අතගගා ඇහුවා. 

"ම්ම්ම්ම්....."

"ඊයේ රෑ....උඹ නොසෑහෙන්න ඇඬුවා. මට උඹව අල්ලන්නවත් බැරි තරමට උඹ රත් වුනා. මුලු රෑම උඹ ඇඟේ වේදනාවට කෙඳිරි ගෑවා. යාන්තන් පාන්දරට කිට්ටු වෙද්දියි උඹේ උණ අඩුවුනේ....." යාදෙව් මගේ ඔලුව අතගාන ගමන්ම මූණ පුරාම හාදු තිබ්බා. 

"මට මතක නෑ මොකුත්...."

"වෙන මුකුත් එපා මට වෙච්ච සිද්ධිය කියපන්කෝ" යාදෙව් කියන පමාවට මං සේරම එයා ඉස්සරහ දිගෑරියේ මගේ හිතේ තිබුන බර එහෙම්මම සැහැල්ලු වෙද්දි. 

"මං එද්දි මිනිස්සු වටවෙලා මෙතන. ගල් ගහනවා දැකලා මට දෙලෝ රත් වුනා. ඒවා වැඩක් නෑ..... දැන් උඹට මොනාද කරන්නෝනේ? තීරණයක් අරගෙනද තියෙන්නේ උඹ?" යාදෙව් ස්ථිර විදියට මගෙන් අහද්දි මං ඔව් කිව්වා. 

"මං පීඑච්ඩී එක කරනවා. කරලා ලෙක්චරර් කෙනෙක් වෙලා කැම්පස් එකේ උගන්නනවා" පොඩි එකෙක් අම්මට ඇම්බිශන් එක හෙලි කරනවා වගේ මං යාදෙව්ට තුරුල් වෙලා කිව්වා. 

"මෙහේ ඉන්න බෑනේ....?"

"බෑ....අපි ඔයාලගේ ගෙදර යංද?" මං යාදෙව්ගේ රැවුල අතගාන ගමන් ඇහුවා. එයාගේ රැවුලට මං ගොඩක් ආසයි. හැමදාම දවස් තුනකට සැරයක් ඒක කපන්නේ මම. යාදෙව් ඒක කපන්න කැමති නෑ එයා අතින් තුවාල වෙන නිසා. මට ඒක අතගාද්දි දැනෙන්නේ පුංචි කාලේ තාත්තගේ රැවුල අතගානකොට දැනුන හැඟීමට සමාන හැඟීමක්. 

"යං විභූ...."

"මං වද දෙනවා නේද යාදූ? හැමදාම ප්‍රශ්න දාගෙන ඔයා ගාවට එද්දි ඔයා ඒවා විසඳන්න ඔයාගේ දේවල් මහා ගොන්නක් කැප කරලා....ඔයා පව්...." මං එයාගේ මූණේ නහය අතුල්ලන ගමන් කිව්වේ ඇත්තටම දුකෙන්.

"උඹ එහෙනම්? උඹ නොඉන්න මං මෙච්චර දුර එන්නෑ කීයටවත්, උඹ මං ලඟ හිටියේ මාව සැනසුවේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. මං උඹව සනසන්න ගත්තේ කොච්චර මෑතකදිද.....උඹ මං වගේ පිස්සෙක් එක්ක නොඉන්න.....මගේ පීඩනේ දරාගන්න කියලා නොදෙන්න....අනික් උන්ට පේන්න ශක්තිමත් වගේ රඟපාන විදිය කියලා නොදෙන්න.....මං තාමත් ඉස්කෝලේ චණ්ඩිකම් කරන යාදෙව්ම විතරයි විභූ.....මාව මෙතෙන්ට ගෙනාවේ උඹේ ශක්තිය...ඕක මහා වැඩක් නෙමෙයිනේ....අපේ හෙඩ් ඔෆිස් එක එහේ තියනවනේ කොහොමත්.....මට ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලන්න පුලුවන්....මං උඹව බලාගන්නවට වඩා සිය දහස් වාරයක් උඹ මාව බලාගෙන ඇති විභූ.....ඉතින්.....උඹව නැතුව මං වෙන කාව රකින්නද?" යාදෙව් මාව අප්‍රමාණ ආදරේකින් අතොරක් නැතුව සිපුම් වලින් නාවන ගමන් කිව්වා. 

MagisterWhere stories live. Discover now