20

1.3K 232 54
                                    


මං උදේ පාන්දරම ටිකක් අමාරුවෙන් වුනත් ඉස්කෝලෙට ගියේ දරුවන්ට පේපර් එකක් දෙන්න පොරොන්දු වුන නිසා. මං ගිහිල්ලා අත්සන් කරලා ලැබ් එකටම වෙලා මේසෙට ඔලුව තියාගෙන හිටියේ ලමයි එනකන්. යාන්තමට කැස්සක් වගෙත් තිබ්බ නිසා මං මාස්ක් එක ගැලෙව්වෙම නෑ. මගේ ෆෝන් එක රිං වෙද්දි මං ඔලුව උස්සලා බැලුවා. 

"ඔව් සරසි කියන්න...."

"විභූශිත....ඉක්මනට පල්ලෙහාට එන්න. ඉක්මනට එන්න." සරසිගේ කටහඬේ තිබ්බේ ලොකු කලබලයක්. ඒක කියපු ගමන්ම සරසි ෆෝන් එක කට් කරපු නිසා මං ඉක්මනට පල්ලෙහාට බැස්සා. 

"සරසි....ඇයි මට එන්...." මං අඩියක් පස්සට වීසි වුනේ වෙලා තිබුන දේ දැකලා. 

කැලෑ පත්තරයක්......, නිකන්ම නෙමෙයි....මගෙයි යාදෙව්ගෙයි ඉතාම පැහැදිලි ෆොටෝස් එක්ක. අපි දෙන්නා රෙස්ටුරන්ට් එකේ අත් අල්ලන් ඉන්න ඒවා. එදා හොටෙල් එකේ ඩාන්ස් කරපු ඒවා. ඩාන්ස් එකෙන් පස්සේ කිස් කරපු එක පවා ඉතාම පැහැදිලිව මගේ ඇස් ඉස්සරහ තිබ්බේ ජීවිතේ පලවෙනි වතාවට මට වචන නැති කරමින්. මං අඩියෙන් අඩිය පස්සට ගියා.

"පොන්න##ගෙන් ඉගෙනුම ලබාදී ඔබේ දරුවාද පො### නොකරන්න"

"සමනල් හැඟුමන් අතරේ"

"අසහනය වනාහී.....,දෙමාපියනි මේ ඔබේ අවධානය පිණිසයි" 

ඒ පින්තුර යටින් තිබ්බ වාක්‍යය මගේ ඔලුව වටේට කැරකෙන්න ගත්තේ ඒවා ඉස්සරහ රැස්වෙලා ඉන්න දරුවෝ පිරිස මගේ දෘශ්ටියෙන් බොඳ වෙද්දි. මං එහෙම්ම පිටිපස්සේ තිබුන බිත්තියට හේත්තු වෙලා පපුව අල්ලගෙන හුස්ම ගන්න උත්සහ කරා. 

යාදෙව්.....මට යාදෙව් ඕනේ. 

"සරසි අක්කේ....ගේට් එක ගාවත් ගහලා මේවාම. දෙමව්පියෝ කලබල කරනවා...." බයෝ ලැබ් එකේ ඇසිස්ටන් දුවගෙන ඇවිල්ලා සරසිට කිව්වේ සරසි වතුර එකක් මගේ තොල්වලට ලං කරද්දි. 

"මේක බොන්න විභූශිත....ඔයාව ෆේන්ට් වෙයි...." මට සරසිගේ කටහඬ ඇහුනේ හුඟාක් ඈතක ඉඳන් කතා කරන කෙනෙක්ගේ වගේ. 

"සර්...සර්ට ප්‍රින්සිපල් එන්න කිව්වා" ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ලැබ් එකට ඇවිල්ලා පණිවිඩේ කිව්වා. කලු නිල්පාට ලප පේන දෘශ්ටිය පැහැදිලි කරගන්න දැඩිව උත්සහ කරමින් මං නැගිට්ටත් මාව වැටෙන්න යද්දි මං මේසයක් අල්ලගත්තා. 

MagisterWhere stories live. Discover now